මේ සතිය ඔබට ? ජනවාරි 25 සිට ජනවාරි 31 දක්වා

ජනවාරි 25, 2019

ධම්මිකා රාජපක්ෂ

මේෂ

නැති වූ දෙයක් නැවත හිමිකරයි

විශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වෙමින් සතිය ආරම්භවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර වගකීමක් තමා පිට පැවරෙන අතර හිතවතෙකුගේ සහය ඇතිව කටයුතු කීපයක් නිමා කර ගැනීමට අවස්ථාව සැලසේ. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිවන කාලයකි. විදෙස් ලැබීම් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. සුඛෝපභෝගී භාණ්ඩ වැඩියෙන් මිලදී ගන්නා බවක් පෙනේ. යාන වාහන ගමන්වලින් පරිස්සම්වන්න. නිතර තමාට පවුලේ කෙනෙකුගෙන් කරදරකාරී බවක් ඇති කරයි. නැති වූ දෙයක් තමාට නැවත හිමිකරයි. පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් පිළිබඳ අසන්න ලැබේ. අලුත් ඥාති සබඳතාවලට හේතු සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා


වෘෂභ

නොකළ වරදකට දඬුවමක්

වගකීම් කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විදෙස්ගත හිතවතෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. තමා නොකළ වරදකට දඬුවමක් හිමිකරයි. පවුලේ සමගිය සමාදානයට කටයුතු සැලසේ. උස් ස්ථානවලට සම්බන්ධ කටයුතුවලින් වැළකී සිටීම යහපත් කරයි. නීති කටයුතුවලින් බලාපොරොත්තු නොවූ ලෙස අවාසි කීපයක් සිදුකරයි. විදෙස් ලැබීමකට බාධාගෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. සෙම් රෝග ඉස්මතුවිය හැකි කාලයක් බැවින් පරිස්සම් වන්න.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා


මිථුන

අධික වියදම්

නොසිතූ අවුල් කීපයකට මැදිවෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. දුරබැහැර ගමන් හේතුවෙන් නොසිතූ අවුල් සහගත තත්ත්වයක් මතු කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලට තරමක් දුරට බාධාකාරී තත්ත්වයක් ඇති කරයි. සැලසුම් සහගත කටයුතු කීපයක් වෙනස්කිරීමට සිදුවේ. තම සේවා ස්ථානයේ කාර්යය බහුල බවක් ඇති කරයි. මංගල යෝගවලට එතරම් හිතකර කාලයක් නොවනු ඇත. පවුලේ කෙනෙකු වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවේ. ආගමික ගමන් බහුල කරයි. ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. ඉඩම් ලාබයකට හිමිකම් ඇත.

අය 06 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා


කටක

විදෙස් සංචාරයකට සැලසුමක්

පවුලේ සැලසුම් කීපයක් වෙනස්කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි. ව්‍යාපාරික කටයුතුවලින් වාසිදායක තත්ත්වයක් ඇති කරයි. විදේශීය සංචාරයකට සැලසුමක් සකස් කර ගනී. එමෙන්ම කෙටි ගමන් බහුල වන බවක් පෙනේ. තමාට පාඩු සිදුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න. මව්පස ඥාතියෙකුගේ අසනීපකාරී බවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විදෙස් ගත හිතවතෙකුගේ උපකාරයක් සැලසේ. අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


සිංහ

අලුත් සාමාජිකයෙක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. විදෙස් ගමනක් වෙනුවෙන් සැලසුම් සකස් කර ගන්නා කාලයකි. එමෙන්ම බහුවිධ මූලාශ්‍රවලින් ආදායම් ලැබිය හැකි බවක් පෙනේ. වැඩිමහල් සහෝදරයෙකුගෙන් උපකාරයක් හිමිවිය හැකියි. දුර බැහැර ගමනක් හේතුවෙන් වියදම් අධික කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි කාලයකි. ක්ෂණික කෝපය හේතුවෙන් පාඩුවක් සිදුවිය හැකි ය. අසල්වැසි බහින් බස්වීමක් දුර දිග යාමට ඉඩ ඇත. ස්නායුගත රෝගාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. වරින් වර නීති සහන පැතීමටද සිදුවේ.

අය 06 - වැය 03

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා


කන්‍යා

හදිසි මුදල් වැයවීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි යාන වාහන බලාපොරොත්තු වන්නන්හට ඉතා සුබදායක කාලයකි. ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. පෙම් සබඳතාවයක් අලුත්වන කාලයකි. සේවා ස්ථානය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් නිරවුල් කර ගැනීමට හැකිවේ. මව්පිය උරුමයක් පිළිබඳ පැවැති මතභේදකාරී බවක් මඟ හැරේ. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොකරයි. පියා හෝ පියපස ඥාතියෙකු කෙරෙහි කල්පනාකාරී වන්න. හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 06 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - රතු

සුබ දවස - බදාදා


තුලා

ආමාශ ගත රෝගයක්

හදිසි වියදම් අධික වන කාලයක් වන අතර සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. සමාජීය කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. කල්ගත වූ කටයුතුවලින් ලාබ හිමිකරයි. එමෙන්ම ශාස්ත්‍රීය කටයුතුවලින්ද ආදායම් හිමිවන බවක් පෙනේ. දෛනික කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. අසල්වැසි බහින් බස්වීමක් දුරදිග යාමට ඉඩ ඇත. මංගල කටයුතුවලට හිතකර කාලයක් නොවනු ඇත. විදෙස් සංචාරයක් කල් දැමීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ආමාශගත රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. කලකින් නොදුටු නෑදෑයෙකු තමා සොයාගෙන එන කාලයකි. ව්‍යාපාර කටයුතුවලින් බාධා ගෙන දෙන බවක් පෙනේ.

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘශ්චික

වාහන ලාබ

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධවීමට මඟ සලසමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතියක් දැකිය හැකි කාලයකි. යාන වාහන බලාපොරොත්තු වන අයට යහපත් කාලයකි. පවුල් කටයුත්තකින් පාඩුවක් සිදුකරයි. පෙම්වතුන් අතර පැවැති මතභේදකාරී බවක් මඟහැරී යයි. ප්‍රභූන්ගෙන් උදව් උපකාර හිමිවන කාලයකි. සේවා ස්ථානයේ කටයුතු සම්බන්ධ කාර්ය බහුලත්වයක් ඇති කරයි. එමෙන්ම තමා ළඟින් ඇසුරු කරන කෙනෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. විදෙස්ගත හිතවතෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. සති අන්තයේ දී දරුවෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා


ධනු

ලොතරැයි ජයග්‍රහණ

නොසිතූ ලෙස අවුල්සහගත තත්ත්වයකට මැදිවීමට සිදුවන කාලයක් වන අතර සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරනු ඇත. කලා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සුබදායක කාලයකි. නිතර අන් අයගේ ගරු බුහුමන් හිමිවන බවක් පෙනේ. ලැබෙන්නට නියමිත මුදලක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. ලොතරැයි ජයග්‍රහණවලට හිමිකම් ඇති කාලයකි. එමෙන්ම නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට මඟ සැලසේ. ජලය සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කරයි. හදිසියේ සිදුවන වාහන ගනුදෙනුවකින් තමාට වාසි සැලසෙන කාලයකි. මව්පිය උරුම හිමිකම් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. නිතර යන එන ගමන් පිළිබඳ කල්පනාකාරී වන්න.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා


මකර

හිසේ ආබාධයක්

අය පක්ෂය යහපත් හා සතියක් වන අතර සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. වෘත්තීය කටයුතුවලට අමතර ආදායම් මාර්ග හිමිවන කාලයකි. එමෙන්ම අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට මඟ සැලසේ. හිතවතෙකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. විවාහ ගිවිස ගැනීමක් කල්දැමීමට සිදුවන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ. සතිය මැද කාලයේ දී මවගේ අසනීපකාරී තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. විදෙස් ගත මූලාශ්‍රවලින් ආදායම් හිමිකරයි. අලුත් නිවාස ඉඩකඩම් මිලදී ගැනීමකට කටයුතු සැලසේ. සති අන්තයේ දී යටපත් වූ හිසේ ආබාධයක් නැවත මතුවිය හැකි ය.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - ඉරිදා


කුම්භ

සිතේ නොසන්සුන්තාවයක්

දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වගකීම් වැඩවන කාලයක් වන අතර සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. විදෙස් ගත හිතවතෙකුගේන් උපකාරයක් සැලසීමට ඉඩ ඇති කාලයකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලසේ.දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවීමට ඉඩ ඇත. තනතුරු මාරුවක් හේතුවෙන් සිත් කලකිරීමක් හට ගනී. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන කාලයකි. යටපත් වූ උදරාබාධයක් නැවත මතුවිය හැකි ය. පවුලට අලුත් සාමාජිකයෙකු එක්වන ලකුණු පෙනේ. අමතර ආදායම් මාර්ගවලට අවහිරතා ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. නීති ගැටලුවක් වෙනුවෙන් මූලික වීමට සිදුවේ.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා


මීන

වාහන ගනුදෙනුවක්

උදාවූ මේ සතිය මීන ලග්න හිමි ඔබට මිශ්‍රඵලදායක සතියක වන අතර සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන කාලයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පෙම්සබඳතාවයකට මව්පිය විරෝධය හිමිවන කාලයකි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. වැඩිහිටියෙකුගේ වගකීමක් තමා පිට පැවරෙන කාලයකි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් හිමිකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. යන එන ගමන් පිළිබඳ කල්පනාකාරී විය යුතු යි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. වාහන ගනුදෙනුවකට අතගැසීමට කටයුතු සැලසේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - ඉරිදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.