මේ සතිය ඔබට

පෙබරවාරි 1, 2019

පෙබරවාරි 01 සිට පෙබරවාරි 07 දක්වා

ධම්මිකා රාජපක්ෂ

මේෂ

දේපල ලැබීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර වාසි කීපයක් සැලසෙන කාලයක් වන නමුදු වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක්ද පෙනේ. ගේ දොර කටයුතුවලදී නොසිතූ වෙනස්කම් රැසක් සිදුකරයි. පවුලේ සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇත. සතිය මැද කාලයේ දී හදිසි දේපල ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් හදිසි මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ඇති කරයි. එමෙන්ම ගණිත අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ අත් කරන කාලයකි. නීති කටයුත්තකට අත ගැනීමෙන් වාසි කීපයක් සැලසේ. නොසිතූ ලෙස විශ්වාසය බිඳ වැටීමක් සිදුවන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා


සිංහ

ආගමික සහන

එදිනෙදා වැඩකටයුතු අධික කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල සිදුවෙයි. නිතර නිවසට යන එන අය පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයකි. තමාට නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ඉක්මන් කෝපය කටයුතු කීපයක වෙනසක් සිදු කරයි. ආගමික කටයුතුවලින් සහන පතන කාලයකි. බහුවිධ ක්ෂේත්‍රවලින් ආදායම් ලබන කාලයකි. වෙනදාට වඩා දරුවෙකු පිළිබඳ කල්පනාකාරී වීම යහපත්වන බවක් පෙන්නුම් කරයි. හදිසි වැටීම් තැලීම් වලට ද ඉඩ ඇති බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාස බිඳවැටීමක් සිදුකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. තම උදව් උපකාර පතා හිතවතෙකුගේ පැමිණීමක් සිදුකරයි.

අය 06 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා


ධනු

අමතර ආදායම්

මානසික අවිවේකයට හේතු ඇති කරමින් සතිය ආරම්භවන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් යටපත් වෙමින් පැවැති තීරණ කීපයක් සාර්ථක වන ලකුණු පෙනේ. අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන කාලයකි. දුර ගමනක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. රැකියා ස්ථාන සම්බන්ධ පැවැති අවිවේකී බව මඟ හැරේ. ගේ දොර උත්සව අවස්ථාවක් පිළිබඳ කටයුතු සැලසේ. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් ලාබ ඇති කරයි. විදෙස් ගත ඥාතියෙකුගේ උපකාර සැලසෙන කාලයකි. ඉඩම් ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. පවුලේ අය අතර විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

ගේ දොර අලුත්වැඩියාවක්

ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සැලසෙමින් ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. ඥාති හිතවතුන් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. එහෙත් වැඩිහිටි ඥාතියෙකු සමඟ ඇතිකරගත් බහින් බස්වීමක් දුරදිග යයි. විවාහ ගිවිස ගැනීමක් ප්‍රතික්ෂේප වී යන කාලයකි. මෙතෙක් පීඩාගෙන දෙමින් පැවැති අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන ලකුණු පෙනේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. අලුතින් ආරම්භ කළ කටයුත්තකට බාධාකාරී බවක් ඇති කරන කාලයකි. වරින්වර නීති පිහිට පැතීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් කටයුතු සූදානම් කරන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


කන්‍යා

මුදල් ගනුදෙනුවක් සාර්ථකයි

ගිවිසුම් කීපයක් ඇති කර ගනිමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලේ කෙනෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන බවක් පෙනේ. යටපත් වූ සමේ රෝගයක් නැවත ඉස්මතු විය හැකි ය. අමතර ආදායම් මාර්ගවලට අවහිරතා මතුවීමට ඉඩ ඇත. විදෙස්ගත හිතවතෙකුගේ උපකාරයක් හිමිකරයි. එමෙන්ම දරුවෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි. සතිය මැද කාලයේදී පවුලේ අසමගියට හේතු සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව පෙනේ. කල්ගත වූ මුදල් ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සඳුදා


මකර

විශේෂ ජයග්‍රහණ

ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි.

ගණිත අංශයේ කටයුතු වලින් විශේෂ ජයග්‍රහණ හිමිවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම මව හෝ මව්පස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. නොසිතූ ලෙස මුදල් වැයවීම් වැඩිවන බවක් පෙනේ.

දරුවන්ගේ කටයුතු හේතුවෙන් සැලසුම් කීපයක් කල්දැමීමට සිදුවේ. ළඟම ඥාති හිතවතෙකු සමඟ සිත්තැවුලක් අත් වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විදෙස් ගත ලැබීමකට ද හිමිකම් ඇත.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා


මිථුන

විදෙස් උපකාර

තම අදහස් ඉටුවන අන්දමේ කටයුතු කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. අධ්‍යාපනයේ ප්‍රගතියක් දැකිය හැකි කාලයකි. නව නිර්මාණ කීපයක් එළි දැක්වීමට මඟ සැලසේ. පූජ්‍ය පක්ෂයේ අයගෙන් උදව් උපකාර සැලසෙන කාලයකි. හිතවතෙකු සමඟ රහස් ගමනකට කටයුතු සූදානම් කර ගනී. අසල්වැසියෙකු නිසා ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යයි. වාහන ගමන් අධික කරන කාලයකි. වෘත්තිමය වශයෙන් හදිසි වෙනස්කම් කීපයක් සිදුවිය හැකි බවක් පෙනේ. විදෙස්ගත වූවකුගේ උපකාර හිමිකරන කාලයකි. සති අන්තයේ දී නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට අවස්ථාව සැලසේ. උස් ස්ථානවලට සම්බන්ධ කටයුතුවලින් වැළකී සිටීම යහපත් වේ.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා


තුලා

ඉඩම් ගනුදෙනුවක්

රහස් කටයුත්තකට සම්බන්ධ වීමට සිත යොදවමින් ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 3, 4, 5 යන භාවස්ථානවල සිදුවනු ලබයි. විදෙස් ගත පුද්ගලයෙකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර ප්‍රභූන්ගෙන් උපකාර සැලසෙන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකිය. රැකියාවට අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ඉඩම් ගනුදෙනුවකින් වාසි කිපයක් සැලසෙන අතර, මුදල් හුවමාරුවකට කටයුතු සැලසේ. ඥාතීන් සමඟ සිදුවන දුර ගමනක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ. එමෙන්ම මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා


කුම්භ

මුත්‍රා ආබාධයක්

අමතර ලැබීම්වලට බාධාකාරී බවක් ගෙන දෙමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සැලසේ. රැකියා ස්ථානයේ ඇතිවන යම් යම් මතභේදකාරී තත්ත්වයක් දුරදිග යාමට ඉඩ ඇත. හිතවතෙකු සමඟ ගනුදෙනුවක් කර ගැනීමට අවස්ථාව උදා කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. යටපත් වූ මුත්‍රා ආබාධයක් නැවත මතුවිය හැකි කාලයකි. දරුවෙකුගේ විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසෙන කාලයකි. සති අන්තයේ දී පවුලේ බැඳීම්වලට බාධාකාරී බවක් අත්වීමට ඉඩ ඇත.

අය 05 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා


කටක

අසල්වැසි ගැටලුවක්

වරින් වර අදහස් වෙනස් කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. වාසස්ථාන පිළිබඳ ගැටලු කීපයක් පැන නැගීමට ඉඩ ඇත. අලුත් වාහනයක් මිලදී ගැනීමක් පිළිබඳ අදහසක් ඉටු වේ. අසල්වැසියන් සමඟ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. යටපත් වූ සමේ රෝගයක් නැවත ඉස්මතු විය හැකි බවක් පෙනේ.

තරඟ විභාගයකින් නොසිතූ ලෙස ජයග්‍රහණ ලැබිය හැකි කාලයකි. තම හිතවතෙකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදුකර ගනී. දරුවකුගේ ප්‍රකෝපකාරී වැඩපිළිවෙලක් හේතුවෙන් ගැටලු කීපයකට මැදිවේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා


වෘශ්චික

ලියකියවිලි වාසි

විශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. ලියකියවිලි සම්බන්ධ කටයුතුවලින් තමාට වාසි සහගත බවක් ඇති කරයි. නිකරුණේ කරන වියදම් වැඩිවන කාලයකි. නිතර පවුලට යන එන කෙනෙකු පිළිබඳ විමසිලිමත් වන්න. අතර මඟ නවතා තැබූ ගේ දොර ඉදිකිරීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ.

මව්පස ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු බවක් පෙනේ. සති අන්තයේ දී වරින්වර හට ගන්නා හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා


මීන

වාහන ගනුදෙනුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා10, 11, 12, යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් ව්‍යාපාර කටයුතුවලින් ලාබ හිමිකරන අතර, වෙනදාට වඩා අතමිට මුදල් ගැවසීමට ද හේතු යෙදේ. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිත්කලකිරීම් හටගනී. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයකි.

විදෙස් උපකාර සැලසීමෙන් අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. දරු ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම යහපත් කරයි. සති අන්තයේ දී වාහන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ ලාබයක් හිමිවීමට ඉඩ ඇත.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.