මේ සතිය ඔබට

පෙබරවාරි 15, 2019
පෙබරවාරි 15 සිට පෙබරවාරි 21 දක්වා
 
මේෂ
 
තනතුරු මාරුවක්

මනසට අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් දැඩි ලෙස කැපකිරීම් කිරීමට සිදුවේ. පවුලට සම්බන්ධ වන ඥාතියෙකු නිසා කලබලකාරී බවක් ඇති කරයි. ගේ දොර කටයුතුවල වෙනසක් ද සිදුවන ලකුණු පෙනේ. එමෙන්ම හදිසි වැටීම් තැලීම් හෝ අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සති අන්තයේ දී උසස් අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා


වෘෂභ

සමාජසේවා කටයුතු

පවුලේ සමගිය සාමය බිදි යන සතියක් වන අතර සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වන කාලයක් වන අතර නිවසින් බැහැරව වාසය කිරීමට ද සිදුවේ. දරුවාගේ කටයුතු අතපසුවීමෙන් ගැටලු කීපයක් දුරදිග යයි. සෙම් පීඩා බහුල කාලයකි. අන්‍යයන්ගේ ආධාර උපකාර හිමිවන කාලයකි. එමෙන්ම කෙටි ගමන් බිමන් බහුල කරයි. වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. ගේ දොර කටයුතු පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ අත්වැරදීම් සිදුවිය හැකි ය. නොසිතූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇත.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා


මිථුන

විභාග ජය

පැවැති අවහිර බාධා මඟහැරී යමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයකි. තරග විභාගවලින් සාර්ථක ප්‍රතිඵල අත්විය හැකි බවක් පෙනේ. එමෙන්ම ගුප්ත කටයුතුවලින් පිහිට පතන අතර ඒ පිළිබඳ දුර ගමනක් ද යෙදේ. සහෝදරියකගේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. සමිති සමාගම්වල නිලතල හිමිවන කාලයකි. පවුලේ වැඩිහිටියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. අලුත් ගේ දොර මිලදී ගැනීමකට කටයුතු සූදානම් වන බවක් පෙනේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් පරිස්සම් වන්න.

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


කටක

නීති පිහිට

අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ විශ්වාසය බිඳ වැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් යෙදේ. එමෙන්ම යුගදිවිය සම්බන්ධ ප්‍රශ්නවලදී ද කල්පනාකාරී වීම වැදගත් වේ.

සොර සතුරු බිය ඇතිවිය හැකි කාලයකි. තමා ඉල්ලුම් කළ ණය මුදලක් ප්‍රමාදවන ලකුණු පෙනේ. රැකී රක්ෂා කටයුතු සම්බන්ධ බාධා මතුවිය හැකි කාලයකි. යටපත් වූ අතක ආබාධයක් නැවත මතුවිය හැකි බවක් පෙන්නුම් කරයි. වරින්වර මුදල් අපහසුකම් මතුවන කාලයකි. දරුවෙකුගේ ගැටලුවක් වෙනුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කටයුතු සැලසේ.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා


සිංහ

සමඟියට බාධා

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ කටයුතුවලදී මූලික වී කටයුතු කිරීමට සිදුවන කාලයකි. අසල්වැසියකු නිසා ඇතිවන මත ගැටුමක් දුරදිග යාමට ඉඩ ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලට අත්ගැසීමේ දී පරිස්සම් වන්න. වරින් වර හටගන්නා දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සමගියට බාධා ගෙනදිය හැකි කාලයකි. ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර විදෙස් ලැබීමකට හිමිකම් ඇතිකරයි. එමෙන්ම වරින්වර බාධා බාධා ගෙන දුන් විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. තම නිවසට යන එන අය පිළිබඳ කල්පනාකාරී විය යුතු බවක් පෙනේ.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා


කන්‍යා

අලුත් සාමාජිකයෙක්

වෙනදාට වඩා යහපත් කාලයක් වන අතර සඳු ග්‍රහයා 9, 10,11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ සමගිය වෙනුවෙන් විශාල කැපවීමක් කිරීමට සිදුවන කාලයකි.

වැඩිහිටි අයගේ උපදෙස් මත කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. දරුවන් සම්බන්ධ කටයුතුවලදී තරමක් ඉවසිය යුතු බවක් පෙනේ. පවුලට අලුත් සාමාජිකයෙකු එක්විය හැකි කාලයකි. නීති කටයුත්තකින් නොසිතූ ජයග්‍රහණයක් හිමි කරයි. නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

උස්ස්ථානවලට සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කරයි. දරුලාභ හිමිකම් ඇති කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා


තුලා

නිවාස ගැටලුවක්

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර නිතර ගත සිත වෙහෙසා කරන කටයුතුද අධික කරයි.

පවුලේ කෙනෙකුගේ අසනීපකාරී තත්ත්වයක් දුරදිග යාමට ඉඩ ඇති කාලයකි. පදිංචි නිවස පිළිබඳ ගැටලුකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. ඉඩම් ආරාවුලක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. ණය ගනුදෙනුවක් විසදා ගැනීමට හැකිවන කාලයකි. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සැලසේ. දුර ගමනක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා


වෘශ්චික

දරුවෙකු පිළිබඳ සතුටක්

නීතිමය ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. ඉගෙනීමේ කටයුතුවල නියුතු වූවන්ට බාධා ඉස්මතු විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. ස්වකීය උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ.

පවුලේ සමඟිය සමාදානය වෙනුවෙන් කැපකිරීම් වැඩි කරයි. හදිසි ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. පොළව සම්බන්ධ කටයුතුවලින් වාසි සැලසෙන සතියකි. දරුවෙකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා


ධනු

ඉඩම් ගනුදෙනු

ගතට සිතට පීඩාකාරී සිතිවිලි ඇති කරන කාලයක් වන අතර සඳුගේ ගමන 6, 7, 8, 9 යන භාවස්ථානවල සිදුවනු ලබයි.සහෝදර සහෝදරියන්ගේ සහයෝගය කැපවීම මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. කෙටි ගමන් බිමන් බහුල කරන කාලයකි. වංචා ප්‍රයෝගයකම හසුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධව සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කිපයක් යෙදේ. ඉඩම් ගනුදෙනුවෙක් සම්බන්ධය පැවැති බාධා මඟ හැරී යයි. වියදම් පක්ෂය වැඩිවන කාලයකි. පවුලේ සතුට සමාදානය බාධාවන අන්දමේ කරුණු කීපයක් යෙදේ. නැති වූ දෙයක් නැවත ලබාගත හැකි කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - රෝස

සුබ දවස - බ්‍රහස්පතින්දා


මකර

වගකීම් පැහැර හැරීමක්

විදෙස්ගත වුවකුගේ උපකාරයක් සැලසෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වාසි සැලසෙන කාලයක් වුවත් වැයපස අධික වීමට ඉඩ ඇත. නොදැන කරන වරදක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණ එල්ලවේ. ශාරීරික වෙහෙසීම් වැඩි කරන කාලයකි. සෙම් රෝග බහුල වන බවක් පෙන්නුම් කරයි. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳ කල්පනාකාරී වන්න. ගේ දොර දානමය පින්කමකට කටයුතු සැලසේ. උස් ස්ථාන සම්බන්ධ කටයුතු වලින් වැලකී සිටීම යහපත් කරයි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් අසහනකාරී බවක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ, දෝෂාරෝපණයක් එල්ල විය හැකි කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 05

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා


කුම්භ

විදෙස් ගමනක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. අවිවේකී වුවත් ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවක් පෙනේ. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් ඇතිවන ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ ඇත. සහෝදරයෙකුගේ නොමනා ක්‍රියාවක් හේතුවෙන් සිත් කලකිරීමක් හට ගනී. යටපත් වූ අසනීපකාරී බවක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. හිතවතෙකු සමඟ ගනුදෙනුවක් සිදුකරගැනීමට කටයුතු සැලසේ. විදෙස් ගමනකට කටයුතු සූදානම් වන කාලයකි. සති අන්තයේ දී වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවන අතර, වාහන ගමනක් පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 07 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා


මීන

මංගල යෝග

හදිසි මුදල් වැයවීම් වැඩිවන කාලයක් වන අතර සඳුගේ ගමන 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. වගකීම් බහුල වන කාලයකි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් ගැටලු පැන නගී. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවෙයි. දරුවෙකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් ගැටලු කීපයක් පැන නගී. වරින් වර මතුවන සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. තනතුරු මාරුවක් හේතුවෙන් නොසිතූ ගැටලු කීපයක් ඇති කරයි. නිකරුනේ කරන වියදම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් පැන නගී. අවිවාහකයන්ට මංගල යෝග උදාවන කාලයකි. දරුවෙකු පිළිබඳ තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. ලාබ ලැබෙන මාර්ග කීපයකට අවහිරතා මතුවීමට ඉඩ ඇත. විදෙස් ගත වූවකුගේ පැමිණීමක් සිදුවිය හැකි කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.