පෙබරවාරි 22 සිට පෙබරවාරි 28 දක්වා ඔබට කොහොමද ?

පෙබරවාරි 22, 2019

ධම්මිකා රාජපක්ෂ 

මේෂ

හිතුවක්කාර තීරණයක්

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයක් වන අතර සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. අන් අය සමඟ වචන පාවිච්චියේදී කල්පනාකාරි විය යුතු කාලයකි. එමෙන්ම හිතුවක්කාර තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. පැරණි ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට කටයුතු සැලසේ. යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවන බවක් පෙනේ. පවුලේ අසමගියට හේතු සැලසෙන කටයුතු කීපයක් යෙදෙන අතර, රැකියා ස්ථානය පිළිබඳ ඇතිවන සිත් කලකිරීමක් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා


සිංහ

සමගියට බාධා .

ශාරිරික වෙහෙස මහන්සිය වැඩි කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. වරින් වර ආදායම් මාර්ගවල වෙනසක් සිදුවිය හැකි කාලයකි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වගකීම් වැඩි කරයි. පවුලේ වැඩිහිටියෙකු තමාගෙන් උපකාර පතා පැමිණෙන බවක් පෙනේ. ඉදිරි සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. එහෙත් රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරි වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ.නිතර ඇවිදිලි වැඩිකරන කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ සමගියට බාධා ගෙනදිය හැකි අන්දමේ කරුණු කීපයක් යෙදේ. සති අන්තයේදී හදිසි මුදලක් වැයවන අන්දමේ ගැටලු කීපයක් ඇති කරයි.

අය 06 - වැය 07

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා


ධනු

කකුලේ ආබාධයක්

වෙනදාට වඩා වගකීම් බහුල වන කාලයක් වන අතර සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර ගමනක් වෙනුවෙන් සැලසුම් සකස් කරගන්න කාලයකි. අලුත් බලාපොරොත්තු ඇති වන කාලයක් වුවත් ඒවා ක්‍රමවත් ලෙස විසඳා ගැනීමට බාධා මතු කරයි. පවුලට අලුතින් සම්බන්ධ ඥාතියෙකුගෙන් කරදරකාරි බවක් ඇති කරයි. දරුවෙකුගේ හිතුවක්කාරකමක් හේතුවෙන් මානසික ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත. වරින්වර කකුලේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. පවුලේ පැවැති මතභේදකාරි බවක් සමතයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. වාහන ගමන් බහුල කරන කාලයකි. පෙම් සබඳතාවයක් හේතුවෙන් මතුවන ගැටලු කීපයක් දුරදිග යාමට ඉඩ ඇත.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

කෙටිගමන්බ හුලයි

ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන් තාවයක් ඇති කරයි. සහෝදර මත ගැටුමක් දුරදිග යා හැකි කාලයකි. විවාහ යෝජනාවකට වැඩිහිටි විරෝධය ඇතිවන අතර යෝජනා ස්ථිරවීමක් කල්දැමීමටද සිදුවේ. හදිසි කැපීම් කෙටීම් වැනි අනතුරුදායක තත්වයක් ඇතිවීමට ඉඩ ඇති කාලයකි. එමෙන්ම යටපත් වූ කනේ ආබාධයක් නැවත මතුවිය හැකිය. කෙටි ගමන් බිමන් බහුල කාලයකි. ගණිත අංශයේ කටයුතුවල නියුතු වූවන්ට විශේෂ ජයග්‍රහණයක් හිමිවිය හැකි බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. ආගමික සැලසුමක් සඳහා වෙහෙස මහන්සිවීමට සිදුවන කාලයකි. විදෙස් ගත හිතවතෙකුගේ උපකාරයක් හිමිකරයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා


කන්‍යා

විදෙස් ලැබීම්

එදිනෙදා කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙනේ. ආයතන ප්‍රධානීන්ගෙන් උපකාර හිමිකරයි. අලුත් පදිංචි වීමක් පිළිබඳ තීරණයක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. ගේ දොර කටයුතු කීපයක ප්‍රමාදතා සිදුකරයි. විදෙස් මූලාශ්‍රයකින් ලැබීම් හිමිකරයි. ආගමික සැලසුමක් උදෙසා වෙහෙසීම් වැඩිකරයි. පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි අවධානයක් යොමුකරන කාලයකි. මව්පස ඥාතියෙකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මාර්ගය පෑදේ. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා


මකර

මුදල් ගනුදෙනුවක්

වරින් වර පීඩාකාරි ගතිපැවතුම් මතුකරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු කෙරෙහි මූලිකවීමට සිදුවන බවක් පෙනේ. දරුවෙකුගේ කටයුතු නිසා මානසික සිත්තැවුල් අත්කරයි. පවුලේ කෙනෙකුගේ රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. අසල්වැසි සහය නිසා පාඩුවක් මඟහරවා ගැනීමට මඟ සැලසේ. ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැයපස අධික වීමට ඉඩ ඇත. නොසිතූ මතභේදයක් දුරදිග යාමෙන් අඹුසැමි ගැටලුවක් ඇති කරයි. හිතවතෙකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනීමෙන් අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවේ. වරින් වර හට ගන්නා කොන්දේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


මිථුන

ඥාති උපකාර

සැලසුම් සහගත කටයුතු කීපයකට අතගැසීමට සිදුවන කාලයක් වන අතර සඳුගේ ගමන 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. නොදැනුවත්ම අමතර මුදලක් වැය කිරීමට කරුණු සැලසේ. නිතර තමා ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරි වන්න. විදෙස් ලැබීමකට හිමිකම් ඇති වුවත් ඒවා මඟහැරී යන කාලයකි. ඥාති හිතවතුන්ගෙන් උපකාර බලාපොරොත්තු වන බවක් පෙන්නුම් කරයි. හදිසි සැලසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසේ. වාහන ගනුදෙනුවකට කටයුතු සූදානම් වන බවක් පෙන්නුම් කරයි. සති අන්තයේදී පවුලේ ඥාතියෙකු පිළිබද සිත් කලකිරෙන පුවතක් අසන්න ලැබේ.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා


තුලා

කොන්දේ වේදනාවක්

මෙතෙක් පැවැති කටයුතු කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති සැලසුම් කීපයක් සාර්ථක වන කාලයකි. පවුලේ ඉදිරි කටයුතු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ.විවාහය සම්බන්ධ හිතුවක්කාර තීරණයක් ගැනීමෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. එමෙන්ම පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයකි. හදිසි ගමනකට කටයුතු සූදානම් වන බවක් පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා


කුම්භ

අමතර මුදල්වැ යවීමක්

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කරමින් සතිය ආරම්භවන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. ශාස්ත්‍රීය කටයුතුවලින් ලාබ ප්‍රයෝජන හිමිකරන කාලයකි. පියපස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමේ මඟ සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සූදානම් වන බවක් පෙන්නුම් කරන අතර පවුලේ කෙනෙකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමටද කටයුතු යෙදේ. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර නිවසට යන එන කෙනෙකුගෙන් කරදර සහිතයි. දරුවෙකුගේ කටයුතු නිසා අමතර මුදල් වැයවීමක් සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන අවිවේකී බව හේතුවෙන් සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බදාදා


කටක

තැන්පත් ධනය වැයවීමක්

අවිවේකී සතියක් වන අතර, සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් දුරදිග යන බවක් පෙනේ. දරුලාභ හිමිකම් ඇති කාලයකි. පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන බවක් පෙනේ. විවාහ ගිවිසුමකට බාධාකාරි ලෙස කටයුතු කීපයක් යෙදේ. වරින් වර හටගන්නා පිත් රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. රැකියාවේ කටයුතු පිළිබඳ ඉවසිලිවන්ත තීරණ ගත යුතු බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරයි. තැන්පත් ධනය වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තරඟ විභාගවලින් විශේෂ ජයග්‍රහණ ලැබිය හැකි බවක් පෙනේ. නීති කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන කාලයක් වන අතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කහ

සුබ දවස - බදාදා


වෘශ්චික

වස්තු ලාබයක්

හිතුවක්කාර ගති පැවැතුම් ඉස්මතු වන කාලයක් වන අතර සඳුගේ ගමන 11,12,1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මානසික අවහිරතා ඇතිවන කාලයකි. පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිවීමට ඉඩ ඇත. නොදැනුවත් ලෙස හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මඟ සැලසෙන කාලයකි. විදෙස් ගත හිතවතෙකුගෙන් උපකාරයක් සැලසීමට ඉඩ ඇත. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. අන් සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන්න. එමෙන්ම පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත. දරුවෙකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 07

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


මීන

දේපලක් හිමිකරයි

අලුත් ඥාති සබඳතාවලට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ සැලසුම් කීපයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවන කාලයකි. පරම්පරා ගත දේපලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. පවුලට අලුතින් සම්බන්ධ ඥාතියෙකුගෙන් දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමක් මඟ සැලසේ. ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැයපස අධික වන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට අවස්ථාව සැලසේ. විදෙස් ගමනකට ප්‍රමාදතා ඇති කරයි. යටපත් වූ මුත්‍රා ආබාධයක් නැවත මතුවන හැකි කාලයකි. රැකියාවේ තනතුරු ලාබ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවන්න.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.