මාර්තු 01 සිට මාර්තු 07 දක්වා

මාර්තු 1, 2019

ධම්මිකා රාජපක්ෂ

මේෂ

පදිංචියේ වෙනසක්

සිත් කලකිරීමක් හේතුවෙන් මතභේදකාරී සතියක් වන අතර සඳුගේ ගමන 9, 10, 11 භාවස්ථානවල ගමන් කරයි. හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු කීපයක් අත් කරයි. විශේෂ සැලසුමක් සාර්ථක වන ලකුණු පෙනේ. තමා නිසා පවුලේ කෙනෙකුට විශාල පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ.

රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. තරග විභාගවලට සම්බන්ධ වූවන්ට සුබදායක කාලයකි. සතිය මැද කාලයේ දී ගේ දොර පදිංචියේ වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. විදෙස් ගත පුද්ගලයෙකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇති කාලයකි..


සිංහ

කකුලේ වේදනාවක්

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථාන වල ගමන් කරයි. විදෙස් ගමනක් වෙනුවෙන් මෙතෙක් දැරූ මහන්සියේ ප්‍රතිඵල නෙලාගත හැකි කාලයකි. එමෙන්ම විදෙස් ලැබීමකටද හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතුවල වෙනස්කම් රැසක් සිදුකරයි. පවුලේ සමගියට බාධා ගෙන දෙන කාලයකි. යටපත් වූ කකුලේ වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. අමතර මුදල් ලැබෙන මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. වාහන ගමන් පිළිබඳ සැළකිලිමත් විය යුතු කාලයකි. දරුලාබ හිමිකම්වලට බාධා මතු කරයි. තමා සොයාගෙන ගෙන එන හිතවතෙකු නිසා ගැටලුකාරී බවත් ඇතිවීමට ඉඩ ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.