මාර්තු 08 සිට මාර්තු 14 දක්වා

මාර්තු 8, 2019

මේෂ

රැකියා ගැටලු විසඳේ

උදාවූ මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් අතපසු වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. එමෙන්ම අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතු බවක්ද පෙනේ. හිතුවක්කාර තීරණ තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි.

වියදම් පක්ෂය වැඩි කරන කාලයක් වන අතර පවුලේ අය අතර ගැටුම්කාරි තත්ත්වයකටද මුහුණපෑමට සිදුවේ. එහෙත් දරුවන්ගේ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵලයක් දැකිය හැකියි. රැකි රක්ෂා කටයුතු කෙරෙහි පැවැති බාධාකාරි බව මඟහැරී යයි. ලේ විෂවීමේ රෝගාබාධයක් හේතුවෙන් පීඩාකාරි තත්වයක් ඇති කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

විදෙස් ලැබීමක්

අවිවේකී වුවත් ඉදිරි සැලසුම් කීපයක් සාර්ථක කරගනිමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවන කාලයකි. පවුලේ කෙනෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. එමෙන්ම තම උත්සාහය මත සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. වැඩිහිටියෙකුගේ කටයුතු කෙරෙහි තරමක් දුරට අවධානයෙන් පසුවන්න. දරුවෙකු නිසා නොසිතූ ආරවුලකට මැදිවීමට ඉඩ ඇත. දුර ඥාතීන් තමා සොයාගෙන එන කාලයකි. යටපත් වූ බෙල්ලේ ආබාධයක් නැවත මතුවිය හැකිය. රැකියාවේ කටයුතු සම්බන්ධ උනන්දුව අඩුවී යන කාලයකි. සති අන්තයේදී විදෙස් ලැබීමකට හෝ විදෙස් ගතවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවිය හැකිය.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.