මාර්තු 15 සිට මාර්තු 21 දක්වා

මාර්තු 15, 2019

ධම්මිකා රාජපක්ෂ

මේෂ

තනතුරු ලාබ

විශේෂ වරප්‍රසාද කීපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4.5.6 යන භාවස්ථානවල ගමන් කරයි. හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් දුරදිග යයි. එමෙන්ම රහස් කටයුතු කීපයකට සම්බන්ධ වීමට මඟ සැලසේ. අලුත් රැකියා ලාබ හිමිකම් මෙන්ම තනතුරු ලාබද හිමිකරන කාලයකි. කල්ගත වූ ණය මුදලකින් නිදහස් වීමට මඟසැලසේ. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවන බවක් පෙනේ. යටපත් වූ රෝගයක් නැවත මතුවීමෙන් පීඩාකාරි බවක් අත්වේ. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයෙකුගෙන් කරදරකාරි බවක් ඇතිකරන කාලයකි. පොරොන්දු ගිවිසුමක් ඉටුකර ගැනීමට මඟ සැලසෙන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

ගනුදෙනුවක් පියවා ගැනේ

මෙතෙක් බාධාගෙන දෙමින් පැවැති කටයුතු කීපයකට සහන රැසක් හිමිකරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට වැඩිහිටි උපකාර පැතීමට සිදුවෙයි. නිතර නිවසට යන එන කෙනෙකු නිසා පාඩු කීපයක් සිදුකරයි. යටපත් වූ දණහිසේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයකි.

එමෙන්ම සෙම් අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සහෝදරයෙකු සමඟ ඇතිවන බහින්බස් වීමක් දුරදිග යාමට ඉඩ ඇත. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරි වන්න.

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.