මාර්තු 22 සිට මාර්තු 28 දක්වා

මාර්තු 22, 2019

මේෂ

මුදල් ආයෝජනයක් 

විවිධ බාධා ගැටලු මධ්‍යයේ සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී විවිධ දුෂ්කරතා මෙන්ම ගැටලුවලට ද මුහුණ පෑමට සිදුවේ. එමෙන්ම මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වීම වැදගත් වේ.

මුදල් ලැබීම් අතින් යහපත් වන අතර වෙළඳ ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ ලාබ හිමිකරන බවක්ද පෙන්නුම් කරයි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවිය හැකි කාලයකි. යුග දිවියේ කටයුතු සම්බන්ධ පැවැති අසමගිය මඟහැරී යයි. දරුවන්ගේ කටයුතු උදෙසා කැපකිරීම් වැඩි කරයි. අලුත් කටයුත්තකට මුදල් ආයෝජනය කිරීමට කටයුතු සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා


සිංහ

ඉක්මන් කෝපය

වැඩි වගකීමක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කෙනෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් හට ගනී. නිතර නිවසට යන එන අය පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වේ. එමෙන්ම අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාවෙන් කටයුතු කරන්න. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි.

දරුවෙකුගේ සෙම් අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඉක්මන් කෝපය හේතුවෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වයක් දුරදිග යාමට ඉඩ ඇත. තම වාසියට කටයුතු කීපයක් සිදුකර ගන්නා කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.