අප්‍රේල් 05 සිට අප්‍රේල් 11 දක්වා

අප්‍රේල් 5, 2019

ධම්මිකා රාජපක්ෂ

මේෂ

අතමිට මුදල් ගැවසෙන කටයුතු

තනිව ගන්නා තීරණයක් හේතුවෙන් මතභේදකාරී බවක් ඇති කරන කාලයක් වන අතර සඳුගේ ගමන 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර වියදමක් දැරීමට සිදුවන අන්දමේ කටයුත්තක් සිදු කරයි. පවුලේ සිදුවන ගැටලුවක් හේතුවෙන් සහෝදරයෙකුගේ දුරස්වීමක් සිදුකරයි. ස්ථාන වෙනසකට කටයුතු යෙදෙන කාලයකි. යටපත් වූ හිසේ වේදනාවක් නැවත මතුවිය හැකියි. සතිය මැද කාලයේ දී අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවේ. පිය පස ඥාතියෙකුගේ අසනීපකාරී තත්ත්වයක් දුරදිග යාමට ඉඩ ඇත.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

ගනුදෙනු වාසි

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මත ගැටුමක් දුරදිග යන සතියක් වන අතර සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. නොසැලකිමත්කම නිසා අමතර වියදමක් දැරීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් පෙනේ.

අතමිට මුදල් ගැවසෙන කාලයක් වන නමුදු හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ ගැටලුකාරී තත්ත්වයක් දුරදිග යාමට ඉඩ ඇත. වාහන ගමන් පිළිබඳ පරිස්සම් විය යුතු කාලයකි. නොගැළපෙන ඇසුරකට සිත යොමුවන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකින් වාසි සැලසෙන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.