මේ සතිය ඔබට කොහොමද ?

අප්‍රේල් 19, 2019
 
අප්‍රේල් 19 සිට අප්‍රේල් 25
 ධම්මිකා රාජපක්ෂ
මේෂ
අසනීප සුවය 
මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකිවන සතියක් වන අතර සඳු ග්‍රහයා 6, 7, 8, 9 භාවස්ථානවල ගමන් කරනු ලබයි. පියපස ඥාතියෙකු සම්බන්ධ වෙහෙසීම් වැඩිවන කාලයක් වන අතර, පවුලේ අයගේ සතුට සමාදානය වෙනුවෙන්ද පියවර කීපයක් ගැනීමට සිදුවේ. නොසිතූ වැය වීම් වැඩිවන කාලයකි. සතිය මැද භාගයේ දී සහෝදර පක්ෂය සමඟ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර ගනී. පැවැති අසනීපකාරී බවකින් යම් සහනයක් බලාපොරොත්තු විය හැකි කාලයකි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුවන කාලයකි. පවුලේ අය සමඟ දීර්ඝ ගමනකට කටයුතු සැලසේ. 
 
අය 07 - වැය 04
ජය අංකය - 05
ජය වර්ූණය - නිල්
සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘෂභ
සිත්කලකිරීම් 
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පසුතැවිලි වෙමින් පසුවන මේ සතියේ සඳුගේ ගමන 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. දූ දරුවන්ගේ කටයුතුවලින් ඈත් වී සිටීමට සිදුවන සතියකි. එමෙන්ම පවුලේ අයෙකු පිළිබඳ සිත්කලකිරීම්වලට ද ලක්වීමට ඉඩ ඇත. හිතවතෙකු වෙනුවෙන් හදිසි මුදල් වැයවීමක් සිදු කිරීමට හේතු යෙදේ. ඉක්මන් කෝපකාරී කටයුතු හේතුවෙන් තමාට නොසිතූ පාඩුවක් සිදුකරයි. තනිමතයට කටයුතු කරන කාලයකි. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් එතරම් යහපත් කාලයක් නොවන් ඇත. හදිස්සියේ හට ගන්නා පපුවේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලට නිතර යන එන කෙනෙකු සමඟ ආරවුල්කාර බවක් ඇති කර ගන්නා අන්දමේ කටයුතු කීපයක් සැලසේ. 
 
අය 07 - වැය 06
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.