අප්‍රේල් 26 සිට මැයි 02 දක්වා මේ සතිය ඔබට

අප්‍රේල් 26, 2019

ධම්මිකා රාජපක්ෂ

මේෂ

අතමිට මුදල් ගැවසේ

වගකීම බහුල වෙමින් හා එදිනෙදා කටයුතුවල වෙනස්කම් රැසක් සිදුකරමින් සතිය ආරම්භවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. නීති ගැටලුවක් විසඳීමට වැඩිහිටි සහාය පැතීමට සිදුවන කාලයකි. එමෙන්ම හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පාඩු කීපයක් සිදුකරයි. වරින් වර ආගමික සහන පතන කාලයකි. සතිය මැද කාලයේදී අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එහෙත් නොසිතූ පාඩුවකට මුහුණදීමට සිදුවෙයි. වරින් වර ඇතිකරන සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත ලබාගැනීමට හේතු සැලසෙන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

මත ගැටුමක්

උදාවන මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. එදිනෙදා කටයුතු සම්බන්ධ යම් යම් ප්‍රමාදතා සිදුකරන කාලයකි. රැකියාවේ කටයුතුවලට බලාපොරොත්තු නොවූ බාධක රැසක් එල්ලවීමට ඉඩ ඇත. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් වන අතර ජලයෙන් වැස්සෙන් ආදියෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. පවුලේ කෙනෙකු සමඟ ආරවුල්කාරි බවක් ඇති කර ගැනීමට හේතු යෙදේ. ඉක්මන් කෝපය හේතුවෙන් වැඩකටයුතු කීපයක් ප්‍රමාද වන අතර අසල්වැසි මත ගැටුමකට ද කටයුතු ඇති කරයි. නිවසේ අලුත්වැඩියාවකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.