මැයි 10 සිට මැයි 16 දක්වා

මැයි 10, 2019

 

ධම්මිකා රාජපක්ෂ

 

මේෂ

පාඩු කීපයක් මඟ හැරේ

අවිවේකී ලෙස සතිය ආරම්භවන අතර, සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. පියපස ඥාතියෙකු සමඟ ඇතිකරගත් මත ගැටුමක් දුරදිග යා හැකියි. නිතර සිතේ සැහැල්ලුවෙන් මෙන්ම රූපය පිළිබඳ සැලකිලිමත් වෙමින් කටයුතු කිරීමට කැමැත්තක් දක්වන කාලයකි. පවුලේ කෙනෙකු සමඟ වචන හුවමාරුවකට කටයුතු සැලසේ. දේපළ ගනුදෙනුවක් සම්බන්ධ මත ගැටුමක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. විශ්වාසවන්ත හිතවතෙකු නිසා ඇතිවෙන්න තිබූ පාඩු කීපයක් මඟහරවා ගැනීමට හැකිවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘෂභ

නිලතල නම්බුනාම

අවිවේකී බව හේතුවෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවන මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා වගකීම් බහුලවන කාලයක් වන අතර, පවුලේ අය අතර විවිධ හැල හැප්පිලි වලටද මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සතිය මැද කාලයේදී තමාට නිලතල නම්බු නාම හිමිකරන කාලයක් බව පෙනේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සදුදා

 

 

මිථුන

අමතර  වියදම් 
 
අවිවේකී සතියක්වන අතර සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. වෙහෙස ඇති ගමන් කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. එමෙන්ම පවුලේ කෙනෙකු කෙරෙහි විමසිලිමත්ව කටයුතු කළ යුතු බවක් පෙනේ. පවුලේ කෙනෙකු වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. විවාහ පොරොන්දුවකට බාධාගෙන දෙන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ශාස්ත්‍රිය කටයුතුවලින් තමා නොසිතූ අන්දමේ ජයග්‍රහණ අත්වන බවක් පෙනේ. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
අය 07 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - කහ 
සුබ දවස -  සිකුරාදා

 

 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.