මැයි 03 සිට මැයි 09 දක්වා

මැයි 3, 2019

 

ධම්මිකා රාජපක්ෂ

 

මේෂ

අමතර ලැබීම්

 

 

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ලැබීම්වලට ඉඩකඩ සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. එමෙන්ම ශාස්ත්‍රීය කටයුත්තක් උදෙසා වෙහෙසීම් වැඩි කරයි. සහෝදර මත ගැටුමක් දුරදිග යාමට ඉඩ ඇත.

නිකරුනේ කරන වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. සතිය මැද කාලයේදී ‘අමතර ලැබීම් හේතුවෙන් වාසි කීපයක් හිමිකරයි. පවුලේ කෙනෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා උන්නදුවෙන් කටයුතු කරන්න.

 

 

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

 

 

සිංහ

 

වැඩි වියදම්

 

 

එදිනෙදා කටයුතු පිළිබඳ සැලසුමක් සකස්කරමින් සතිය ආරම්භ වන මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙනදාට වඩා සොයා බැලිය යුතු කාලයකි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කළත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. මානසික අවිවේකයට හේතු සැලසෙන කාලයකි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකියි. මෙතෙක් ප්‍රමාද වූ විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. අසල්වැසියෙකු නිසා නීති ගැටලුවකට මැදිවීමට සිදුවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් ගැටලු සහගත තත්ව මතුවීමට ඉඩ ඇත. අමතර වියදම් වැඩිකරන කාලයකි.

 

 

අය 08 - වැය 07

ජය අංකය - 07

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

 

 

ධනු

 

මානසික අවිවේකය

 

 

අවිවේකි ලෙස ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයකි. නිතර පියා හෝ පියපස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. පවුලේ කටයුතුවලින් මානසික අවිවේකය ඇතිකරන අන්දමේ හේතු යෙදේ. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවිය හැකි කාලයකි. වෙනදාට වඩා වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. කාර්මික ක්ෂේත්‍රයේ යෙදී සිටින අය තම රැකියා පිළිබඳ සැලකිලිමත්විය යුතු බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. ආගමික සැලසුමක් සඳහා දුරපළාතකට යාමට කටයුතු සැලසෙන කාලයකි.

 

 

 

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

 

 

වෘෂභ

 

 

කකුලේ ආබාධයක්

 

 

ගැටලු සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර පවුලේ අය නුරුස්සන ස්වභාවයකින් කටයුතු කරන කාලයකි. එමෙන්ම තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. පවුලේ කෙනෙකුගේ දෝෂාරෝපණයකට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ පාඩුවක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකි බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරි වීම වැදගත් වේ. පැරණි හිතවතෙකු තමා සොයාගෙන එන කාලයකි. යටපත් වූ කකුලේ ආබාධයක් නැවත මතුවිය හැකියි. දුරගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. එමෙන්ම පවුලේ අයගේ සහය පැතීමට සිදුවන බවක්ද පෙනේ.

 

 

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සඳුදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.