මැයි 25 සිට මැයි 31 දක්වා

මැයි 24, 2019

 

ප්‍රභූ වරප්‍රසාද රැසක්

වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් ආරම්භ කරයි. පෙර පින මතු කරවන සතියක් බව පෙන්නුම් කරයි. නිතර නිතර ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වයි. සතිය මැද රැකියාව පිළිබඳව ගැටලුකාරි තත්වයක් මතු වුවත් උසස් නිළධාරියෙකුගෙන් උපකාර ලබාගනී. මුදල් ආයෝජනයක් සඳහා සුබදායක බවක් පෙන්නුම් කරන සතියකි. දරුවෙකුගේ විදෙස් ගමනක් සාර්ථක වන කාලයකි. ලැබීම් අතින් සතුටුදායක තත්ත්වයක් පෙන්නුම් කළත් වැඩි වියදමක්ද බලාපොරොත්තුවන්න. සතිය අවසානය පොදු කටයුතු කීපයකට සහභාගි වීමට අවස්ථාව සැලසේ. රජයේ නිළධාරි අයෙකුගෙන් වරප්‍රසාද හිමිවන සතියකි. අලංකාර ඇඳුම් පැළදුම් හිමිවන අවස්ථා යෙදේ.

අය 09 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

රැකියාවේ සිත් රිදවීම්

කන්‍යා ලග්න හිමි ඔබගේ හඳහන අනුව සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් ගනිද්දී ආරම්භ වන සතිය මිශ්‍රඵල ගෙනදෙනු ඇත. දරුවන් නිසාම සිත් පීඩා ඇති කරදෙයි. නිතර නිතර ඔවුන් වෙනුවෙන් පුද පූජා බාරහාර ඉටුකරන කාලයකි. ඥාතියකුගෙන් ලැබිය යුතු දේපල ගනුදෙනුවකින් තමාට නිදහස ලැබෙයි. රැකියාව හේතුවෙන් තමාට සිත් රිදවීම් ඇති කරයි. උසස් තනතුරුවල නියුතු වූවන් නිසා කරදරවලට මුහුණපායි. පොදු කටයුතු කීපයකට අතගසන සතියකි. අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා සහන සැලසෙනු ඇත. සතිය ගෙවීයාමට පෙර නිවසේ ආගමානුකූල කටයුතු කීපයකට ඉඩ සැලසේ. මුදල් ගනුදෙනු සම්බන්ධ හවුල් කටයුතුවලට එක් නොවන්න. ලිපි,ලේඛන කටයුතු සඳහා වැඩි කාලයත්, ශ්‍රමයත්, යෙදවීමට කැමැත්ත ඇති වේ.

අය 05 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා

 

නීති උපදෙස්

පැවැති ආදායම් මාර්ග කීපයකට අවහිරතා මතුකරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන අතර, අලුත් දේ මිලදී ගැනීමකටද කටයුතු සැලසේ. වෙනදාට වඩා ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ ඇල්මක් දක්වන කාලයකි. හිතවතෙකු සමඟ ගනුදෙනුවකට මග සැලසේ. යටපත් වූ බලාපොරොත්තු කීපයක ඉටුවන ලකුණු පෙන්වයි. එමෙන්ම මව්පිය උරුම හිමිකමක් වෙනුවෙන් නීති උපදෙස් පැතීමට සිදුවන කාලයකි. වාහන විකිනීමක් හෝ හුවමාරුවක් පිළිබද බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. මවගේ හෝ මව්පස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයක් වන අතර, මුදල් වියදම්ද වැඩිකරන බවක් පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.