මැයි 31 සිට ජුනි 06 දක්වා

මැයි 31, 2019

 

විශේෂ දුර ගමනක්

මෙම සතිය තුළදී සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථාන හරහායි. සතිය පටන් ගැන්ම විදෙස් ගමනකට ඇරැයුම් ලැබීමත් පෙන්වයි. විශේෂ ලැබීම් හිමිවන කාලයකි. ධනය , ආදායම් මාර්ග තර කර ගැනීමට කටයුතු සැලසුම් කරයි. නිවසේ සාමාජිකයන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙයි. කුඩා දරුවන් පිළිබඳව නිතර උනන්දුවෙන් සිටින්න. සතිය මැද විශේෂ දුර ගමනකට ඇරැයුම් ලබයි. සම වයසේ මිතුරන් සමඟ ඇසුරු කිරීමේදී රාත්‍රී ගමන් බිමන් සඳහා එක් නොවන්න. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වු අයට සෞඛ්‍යය අතින් අයහපත් තත්වයක් ඇතිකරන සතියකි. සතිය ගෙවී යන විට අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙයි. හිතමිතුරෙකුගෙන් විශේෂ ලාබයක් අත්වේ.


අය 01 - වැය 02
ජය අංකය - 01
ජය වර්ූණය - රෝස
සුබ දවස - සඳුදා





හිතවතෙකුගේ ලාභයක්


සඳු ගමන් කරන්නේ මෙම සතිය තුළදී 8,9,10 යන භාවස්ථාන තුළදීය. සෙම් රෝග බහුල වීමත් සමඟ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇත. තමාට නුසුදුසු ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීමට උනන්දුවන්න.
සතිය මැද කාලයේදී විවේකය මඟහැරී යන ආකාරයට කටයුතු යෙදෙයි. දරුවන්ගේ කටයුතු පවා අතපසු වන බවක් පෙන්නුම් කරයි. නිවසට පැමිණෙන මිතුරෙකුගෙන් විශේෂ ලාබ අත්වෙයි. දුර බැහැර ප්‍රදේශයක රැකියාවකට ඉල්ලුම් කරයි. ලොකු කුඩා කා අතරත් ජනපි‍්‍රය චරිතයක් වෙනු ඇත.
සතිය ගෙවී යද්දී දරුලාභ පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබෙනු ඇත. පොත්පත් කටයුතු කෙරෙහි වැඩිපුර කාලය යෙදවීමට කැමැත්තකක් දක්වයි.


අය 07 - වැය 08
ජය අංකය - 04
ජය වර්ූණය - දම්
සුබ දවස - ඉරිදා





පදිංචියේ වෙනසක්


සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් ගනිද්දී ආරම්භ වන සතිය සමඵල ගෙන දෙයි. තමාට උපකාර කළ අය පිළිබඳව හොඳ හිත පැතිරේ . සතිය මැද කාලය වාහන ගනුදෙනු කීපයකට මුල පුරයි. කුඩා දරුවන්ගේ අසනීපයක් වෙනුවෙන් දින කීපයක් වෙහෙසෙයි.
වැඩිමහල් ඥාතිවරයෙකුට අපල සතියකි. නිතර නිතර බෝධිපූජා හෝ ශාන්තිකර්ම ආදියට එක්වීම යහපත්ය.
පදිංචි ප්‍රදේශයෙන් පිටත වාසය කිරීමට ඇරැයුම් ලැබේ. සතිය නිමවන විට මුදල් වාසියක් අත්වෙයි. පැවති සෙම් රෝග තත්වයකට නොකඩවා ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙනු ඇත. ලේඛන කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි.


අය 05 - වැය 06
ජය අංකය - 04
ජය වර්ූණය - මිශ්‍රපාට
සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

 

ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.