ජුනි 07 සිට 13 දක්වා

ජුනි 7, 2019

තනතුරුලාබයක්

පවුලේ කටයුතු කෙරෙහි විශේෂ වෙනස්කම් රැසක් සිදුකරමින් සතිය ආරම්භ වන අතර සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. සැලසුම් සහගත කටයුතු කීපයකට අතගැසීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා සිතේ සතුටක් ඇති කරන කාලයකි. පවුලේ අය සමඟ දුර ගමනකට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේ දී විවාහ ගිවිසුමකට කටයුතු සැලසුම් වන බවක් පෙනේ. එහෙත් ඇසුරු කරන අයෙකු සමඟ මතභේදයක් හට ගනී. තනතුරු නම්බුනාමයක් වෙනුවෙන් දිවුරුම්දීමක් සිදු කරයි. වචන හුවමාරුවක් දුරදිග යන ලකුණු පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට මඟ සැලසේ. ලාබ අපේක්ෂාවෙන් කරන කටයුතු කීපයක ප්‍රමාදතා සිදු කරයි. නිතර සිත් කලකිරීම් ඇතිකරන කාලයකි.


අය 07 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා

 

විදෙස් ඥාතියෙකු පැමිණේ


කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරමින් ආරම්භ වන මේ සතියේ වෘත්තිය සහ රැකී රක්ෂා කටයුතු කරගෙන යෑමේ දී යම් යම් ගැටලුකාරී තත්ත්වයක් මැද කරගෙන යාමට සිදුවේ. විටින් විට ගේ දොර කටයුතු පිළිබඳ යම් යම් බාධාකාරී තත්ත්වයක් පැන නැගේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු යි. විදෙස්ගත වූ ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවිය හැකි කාලයකි. සතිය මැද කාලයේ දී ආර්ථිකමය හා මූල්‍යමය කටයුතු අතින් සුබදායක බවක් පෙන්නුම් කරයි. එහෙත් වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් දේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.


අය 08 - වැය 05
ජය අංකය - 07
ජය වර්ූණය - කොළ
සුබ දවස - බදාදා

 

වාහන ගනුදෙනුවක්

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරමින් සතිය ආරම්භවන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබදායක කාලයකි. ඉක්මන්කාරී කලබලකාරී ගතිපැවැතුම් තමාගේ දියුණුවට බාධා ඇති කරයි. නිතර තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. රැකියා ස්ථානයේ ඇතිවන කලබලකාරී ගති පැවැතුම් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. වාහන හුවමාරුවක් සම්බන්ධ කටයුත්තකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර දරුවෙකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි.


අය 07 - වැය 04
ජය අංකය - 06
ජය වර්ූණය - දම්
සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.