ජුනි 14 සිට ජුනි 20 දක්වා

ජුනි 14, 2019

ගේ දොර අලුත්වැඩියාවක්

තනි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක කාලයක් වන අතර සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. තමා හමුවීමට නිතර පැමිණෙන කෙනෙකු නිසා ගැටලුකාරි බවක් ඇතිකරන සතියකි. එමෙන්ම පියපස ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරෙන පුවතක් අසන්න ලැබේ. පවුලේ වැඩිහිටියෙකු සමඟ ඇතිවන බහින් බස්වීමක් දුර දිග යාමට ඉඩ ඇත. නිතර ආගමික කටයුතුවලට මූලික වී කටයුතු කිරීමට සිදුවන කාලයකි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි කාලයකි. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් කැපකිරීමට සිදුවේ. විවාහ ගිවිසුමක් ප්‍රමාද කරන ලකුණු පෙනේ. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරි වන්න.

අය 08 - වැය 06
ජය අංකය - 09
ජය වර්ූණය - ලා කහ
සුබ දවස - බ්‍රහස්පතින්දා
 



තනතරු මාරුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් පාඩු ලබමින් සිටි ව්‍යාපාර කටයුත්තක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම යොදාගත් සැලසුමක්ද සාර්ථක වන කාලයකි. මව්පිය උරුම හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ද බාධාකාරි බවක් ඇතිකරන කාලයකි. ස්ථාන වෙනසකට හෝ තනතුරු මාරුවකට හේතු ඇති කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. ප්‍රමාද වු විදෙස් ගතවීමක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර පවුලේ කෙනෙකු වෙනුවෙන් හදිසි මුදලක් වැයකිරීමටද හේතු යෙදේ.


අය 07 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - නිල්
සුබ දවස - සිකුරාදා


දානමය පින්කමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. විදෙස් ලැබීමක් වෙනුවෙන් වෙහෙසීම වැඩිකරයි. පවුලේ කෙනෙකුගේ අසනීප තත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. අනපේක්ෂිත ලෙස බලාපොරොත්තුවක් බිඳ වැටීමට ඉඩ ඇත. නිතර තමා සොයාගෙන ආ කෙනෙකුගේ කරදර සහිතයි. රැකියාවට අමතර ආදායම් මාර්ග සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ගේ දොර කටයුතුවල වෙනස්කම් රැසක් සිදුකරන කාලයකි. විවාහ අපේක්ෂිතයන්ට බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිවසේ දානමය පින්කමකට කටයුතු සැලසේ. යටපත් වූ කොනදේවේදනාවක් නැවත මතුවිය හැකි කාලයකි.


අය 07 - වැය 05
ජය අංකය - 03
ජය වර්ූණය - ලා රෝස
සුබ දවස - සිකුරාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.