ජුනි 21 සිට ජුනි 27 දක්වා

ජුනි 21, 2019

 

වාහන ගනුදෙනුවක්

පවුලේ සතුට සමාදානයට කරුණු සැලසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති මුදල් ගැටලුවකින් නිදහස්වීමට මඟ සැලසෙන කාලයකි. පවුලේ දානමය පින්කමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර මුදල් ලැබෙන මාර්ග හිමිවූවත් ඒවාට බාධාගෙන දෙන මාර්ගද යෙදෙණු ඇත. විවාහය පිළිබඳ හෝ පවුලේ ගැටලුවක් වෙනුවෙන් වෙනදාට වඩා ඉවසිලිවන්ත විය යුතු බවක් පෙනේ. පියපස ඥාතියෙකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් ද වෙහෙසීම් වැඩි කරයි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි. යටපත් වූ වාහන ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බදාදා

 

සහෝදර උපකාරයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳුගේ ගමන 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ලැබීමක් කෙරෙහි අවධානය යොමුකරන සතියකි. වෙනදාට වඩා පවුලේ අයත් සමඟ සිතේ සැහැල්ලුවෙන් ගත කිරීමට හැකිවන බවක් පෙනේ. සතිය මැද කාලයේ දී වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරයි. සහෝදරයෙකුගේ උපකාර ඇතිව ඉදිරි කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වේ. සති අන්තයේ දී මව්පිය උරුම හිමිකමකට බාධාගෙන දෙන අතර පවුලේ වැඩිහිටියෙකු සමඟ මතභේදයක් ඇතිකර ගනී.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

සැලසුම් වෙනසක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. පැරණි ගනුදෙනුවක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් සැලසීමට ඉඩ ඇත. එහෙත් නොතේරුම්කම හේතුවෙන් තමා ගැටලු කීපයකට මැදිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවේ. හිතුවක්කාර ලෙස තීරණ ගැනීම තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. විවාහය පිළිබඳ පවුලේ මතගැටුම් කීපයක් ඇතිවීමට ඉඩ ඇත. මවගේ හිතවක්කාරී හැසිරීමක් හේතුවෙන් යටපත් වූ අසනීපයක් නැවත මතුවීමට ඉඩ ඇත. තමාගේ සැලසුම් කීපයක් වෙනසකට ලක්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. ගේ දොර කටයුතුවලදී වෙහෙසකාරී බවක් ඇති කරයි. වරින් වර සෙම් අමාරුවක් හේතුවෙන් පීඩා විඳින කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.