ජුනි 28 සිට ජූලි 04 දක්වා

ජුනි 28, 2019

 

කොන්දේ ආබාධයක්

අවිවේකී වුවත් තම කටයුතු නිසි අයුරින් කරගෙන යාමට හැකිවන සතියක් වන අතර සඳුගේ ගමන 1,2,3,4 යන භාවස්ථානවල සිදුවනු ලබයි. ලැබීම් අතින් යහපත් වන අතර හදිසි වියදම් වලටද හේතු යෙදෙන කාලයකි. තමා සතු බඩුබාහිරාදිය පරිස්සම් කරගත යුතු කාලයක් වන අතර එදිනෙදා කටයුතු වලදී යම් යම් ප්‍රමාදතාවලටද මුහුණපෑමට සිදුවෙයි. එහෙත් උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයකි. යටපත් වූ කොන්දේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරීවීම වැදගත් වේ. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ ගැටලුකාරි බවක් දුරදිග යාමට ඉඩ ඇත.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

ප්‍රභූ ඇසුරක්

පවුලේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. විදේශ ගත ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවන අතර අමනාප වූ ඥාතියෙකු සමඟ මිත්‍රවීමටද අවස්ථාව සැලසේ. ගතට සිතට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදුවන බවක් පෙනේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට ඒ පිළිබඳ බලාපොරොත්තු ඉටුකර ගත හැකි කාලයකි. පියපස ඥාතියෙකුගෙන් දේපල හිමිවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. විවාහය පිළිබඳ තීරණ ගැනීමට යහපත් කාලයකි. සති අන්තය වන විටදී ප්‍රභූ පුද්ගලයෙකුගේ ඇසුරක් හේතුවෙන් බලාපොරොත්තු නොවු ලෙස කටයුතු කීපයක් ඉටුකරගත හැකිවේ.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

සිත් කලකිරීමක්

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර හිමිකරන කාලයකි. එහෙත් පවුලේ වැඩිහිටියෙකු නිසා සිත්කලකිරීම් තත්ත්වයක් ඇතිකර ගනී. ශාරීරික අප්‍රාණික ගතිපැවතුම් ඇතිවීමෙන් වෛද්‍ය උපදෙස් පතන කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලදී කල්පනාකාරීවීම වැදගත් වේ. සතිය මැද කාලයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇතිකාලයක් බැවින් ඒ පිළිබඳ කටයුතු වලදී සැලකිලිමත් වන්න. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරන කාලයකි. රැකියාවේ කටයුතුවලට යම් යම් ප්‍රමාදතා සිදුවීමට ඉඩ ඇත.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.