ජූලි 05 සිට ජූලි 11 දක්වා

ජූලි 5, 2019

 

ප්‍රභූ උපකාර

අවිවේකී ලෙස සතිය ආරම්භවන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳුගේ ගමන 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වියදම් බහුල කාලයක් වන බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර පවුලේ අය සමඟ ගැටලුකාරී තත්ත්වයක් ඇති කර ගනී. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. දුරගමනක් හේතුවෙන් කටයුතු කීපයක් අතපසු කර ගනී. ප්‍රභූ අයගේ උපකාරයකට මඟ සැලසේ. යුග ජීවිතයේ කටයුතු පිළිබඳ සිත්කලකිරීම් ඇති කරයි. හදිස්සියේ සිදුවන වාහන හුවමාරුවකින් නොසිතූ වාසියක් අත්වීමට ඉඩ ඇත. නිතර ඇවිදිලි වැඩිකරන කාලයකි. දරුවෙකුගේ කටයුත්තක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මවුපිය ආශිර්වාද

වගකීම් බහුල වෙමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි. විදෙස් ලැබීමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. මෙතෙක් අවහිරතා ගෙනදුන් පෙම් සබඳතාවයකට මව්පිය ආශිර්වාදය හිමිකරයි. එමෙන්ම නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථා සැලසේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර අත්පසු වූ කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට ද අවස්ථාව සැලසේ. . මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපකාරී තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. සති අන්තයේ දී දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

අය 06 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

ආගමික සහන

වරින් වර උදාසීන ගතිපැවතුම් ඇති කරමින් සතිය ආරම්භ වන අතර සඳුගේ ගමන 7, 8, 9, 10 යන භාවස්ථානවල සිදුවනු ලබයි. නිතර හට ගන්නා යටිබඩේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. උපකාරයට එන කෙනෙකු සමඟ සිත් නොහොඳවීමත් සිදු කරයි. නොසිතූ ලෙස රෝහල්ගතවීමකට හේතු ඇති කරයි. එදිනෙදා කටයුතු කිරීමේ දී පරිස්සම් වීම වැදගත් වේ. දරුවන් වෙනුවෙන් කරන යුතුකම් මඟහැරී යන බවක් පෙනේ. තමාට පවුලේ වැඩි වගකීමක් දැරීමට සිදුවේ. වරින් වර ආගමික සහන පතන කාලයකි. ගේ දොර වැඩ කටයුතුවල පිළිවෙල වෙනස්වී යන කාලයක් වන අතර දෝෂාරෝපණයටද ලක්වීමට සිදුවන බවක් පෙනේ. පදිංචියේ වෙනසක් සිදුවීමෙන් ගැටලු කීපයක් මඟ හැරේ.

අය 07 - වැය 08

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.