ජූලි 12 සිට ජූලි 18 දක්වා

ජූලි 12, 2019

 

වාහන ගණුදෙනුවක්

මෙතෙක් පැවැති ගැටලු කීපයක් මඟහැරී යමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අය අතර ජනපි‍්‍රයත්වයට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. එමෙන්ම පවුලේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ආවේගශීලි ගතිපැවතුම් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් දුරදිග යයි. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක ආරංචියක් අසන්න ලැබේ. මෙතෙක් අවහිරතා ගෙනදුන් රැකියාවේ කටයුතු කීපයකට යම් තරමකින් සහන හිමිවන කාලයකි. වාහන ගණුදෙනුවක් පිළිබඳ වෙහෙසීම් වැඩිකරයි. උසස් අධ්‍යාපනයට බාධා එල්ලවන බවක් පෙනේ. ප්‍රභූ පක්ෂයේ කෙනෙකුගේ උපකාර පැතීමට සිදුවන කාලයකි.

අය 06 - වැය 04
ජය අංකය - 04
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා

 


ප්‍රභූ සහය

සැලසුම් සහගත කටයුතු කීපයකට අතගැසීමට සිදුවෙමින් සතිය ආරම්භ වන ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව සැලසෙන කාලයකි. විසිතුරු බඩුබාහිරාදිය මිලදී ගැනීමක් හේතුවෙන් මුදල් වැයවීම් වැඩිකරයි. ප්‍රභූන්ගෙන් සහය හිමිවන කාලයකි. ආවේගශීලි ගති පැවැතුම් තමාට පාඩු සිදුකරයි. මව්පිය උරුම හිමිකමට මෙතෙක් පැන නැග තිබූ නීතිමය තත්වයක් විසඳා ගැනීමට මඟ සැලසේ. විවාහ ගිවිසුමකට බාධාවන අන්දමේ ප්‍රශ්න කීපයක් පැන නැගේ. සතිය මැද කාලයේදී විදෙස් ගතවීමක් පිළිබඳ කටයුතු කීපයක් සැලසුම් කර ගන්නා බවක් පෙනේ. එමෙන්ම දරුවෙකු පිළිබඳ සතුටුදායක ආරංචි කීපයක් අසන්න ලැබෙන කාලයකි.

අය 07 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - කහ
සුබ දවස - බදාදා

 


ආගමික සැලසුමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. වරින් වර ශාරිරික අපහසුකම් ඇති කරන කාලයක් වන අතර, ගේ දොර කටයුතු වලින් ඈත්වී සිටීමටද කටයුතු සැලසේ. පවුලේ වැඩිහිටියෙකු සමඟ ඇතිවන බහින් බස්වීමක් දුරදිග යයි. වෙනදාට වඩා උදාසීන ගති පැවතුම් ඇති කරන අතර, රැකියාවේ කටයුතු වලටද දුෂ්කරතා ඇති කරයි. ඉදිරියට කරගෙන ගිය වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවන ලකුණු පෙනේ. නිවසේ ආගමික සැලසුමක් සිදුකරයි. පවුලේ ඥාතියෙකු නිසා සිදුවන පාඩුවක් හේතුවෙන් ගැටලු කීපයක් සිදුකරයි. වාහන හුවමාරුවක් හේතුවෙන් වෙහෙසීම් වැඩිවන බවක් පෙනේ.

අය 06 - වැය 04
ජය අංකය - 04
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස - බදාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.