ජූලි 19 සිට ජූලි 25 දක්වා

ජූලි 19, 2019

 

සහෝදර බැඳීම්

තනතුරු ලාබයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. වැඩි වගකීමක් තමා පිට පැවරෙන කාලයකි. නොසිතූ ගැටලුවක් විසඳා ගැනීමට අසල්වැසි සහය පැතීමට සිදුවේ. එමෙන්ම පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් සිදුවන ලකුණු ද පෙන්නුම් කරයි. සහෝදර බැඳීම් ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් සතුටට පත්විය හැකි කාලයකි. ගේ දොර උත්සව අවස්ථාවකටද කටයුතු සැලසේ. හිතුවක්කාර තීරණයක් තමාට අලාභයක් සිදු කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තනතුරු මාරුවක්

වැඩි වගකීමක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භවන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කළ යුතු කාලයකි. අතමිට මුදල් හිමිවන කාලයක් වුවත් හදිසි මුදල් වැයවීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ඥාතීන්ගේ එකමුතුව වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීමට කටයුතු සැලසේ. එමෙන්ම වයස්ගත වූවෙකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරයි. විවාහය සම්බන්ධ ගන්නා තීරණයකට මව්පිය විරෝධය හිමිවන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසේ. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

හදිසි මුදල් ලාබයක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භවන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ගමන් යෙදෙන කාලයක් බැවින් නිතර අවිවේකී බවක් ඇතිකරන බවක් පෙනේ. පවුලේ කෙනෙකු පිළිබඳ මෙතෙක් පැවැති අප්‍රසාදය මඟ හැරී යන කාලයකි. නිතර තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හදිසි මුදල් ලාබයකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සතිය මැද කාලයේදී දරුවෙකු නිසා නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ව්‍යාපාර කටයුතු පිළිබඳ වෙනදාට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.