ජූලි 26 සිට අගෝස්තු 01

ජූලි 26, 2019

ගැටුමක් දුරදිග

ලාභ ගෙනදෙන මාර්ග කීපයකට අත ගැසීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්තානවල ගමන් කරයි. අමතර ගමන් බහුල කාලයක් වන අතර අමතර මුදල් වැයවීම් ද වැඩි කරයි. මෙතෙක් අතහැර දමා තිබූ කටයුත්තක් ඇරඹීමට වැඩිහිටි ආශිර්වාදය හිමිකරයි.
සතිය මැද කාලයේදී ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයකි. යන එන ගමන් පිළිබඳ කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. පවුලේ කෙනෙකු සමඟ ඇතිකරගත් ගැටුමක් දුරදිග යා හැකියි. හදිසි මුදල් ලාභයකට හිමිකම් ඇති කාලයකි.

අය 06 - වැය 04
ජය අංකය - 09
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස - ඉරිදා

 

රැකියාවේ වෙනස්කම්

මෙතෙක් පැවැති පීඩාකාරි බව මඟහැරී යමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. පවුලේ පැවැති ආරවුල්කාරි බවක් මඟහැරී යන කාලයකි. පවුලට අලුතින් සම්බන්ධ වන කෙනෙකුගෙන් උපකාරයක් හිමිකරයි. අලුත් ගේදොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ.
රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න.

අය 06 - වැය 04
ජය අංකය - 02
ජය වර්ූණය - කොළ
සුබ දවස - බදාදා

 



වාහන ගනුදෙනුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. පැවැති ශාරිරික අප්‍රානික ගති මඟහැරී යන බවක් පෙනේ. ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදුවේ. හදිසි කෝපය හේතුවෙන් පවුලේ මතභේදයක් දුරදිග යයි. රැකියාවේ කටයුතු කෙරෙහි උනන්දුව අඩුවී යන කාලයකි. මෙතෙක් අමානාපයෙන් සිටි කෙනෙකු සමඟ මිත්‍රවීමට මඟ සැලසේ. දරුවෙකුගේ කටයුතු හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයක් ඇති කරයි. වාහන ගනුදෙනුවක් කෙරෙහි සිත යොමුකරන කාලයකි. පවුලට සම්බන්ධ ඥාතියෙකුගෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු කීපයක් මඟහැරී යන කාලයකි.


අය 05 - වැය 06
ජය අංකය - 03
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස - ඉරිදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.