අගෝස්තු 02 සිට අගෝස්තු 08 දක්වා

අගෝස්තු 2, 2019

දැඩි තීරණ

වගකීම් පැහැර හැරීමක් සිදුවෙමින් සතිය ආරම්භවන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. අතමිට මුදල් හිමිකම් ඇති කාලයක් වුවත්, වැයපස අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර නිතර ඇවිදිලි වැඩි කරන කාලයක් බවද පෙනේ. පවුලට සම්බන්ධ කෙනෙකු නිසා මානසික පීඩාකාරී කටයුතු කීපයක් සිදුකරයි. විවාහය පිළිබඳ තීරණ ගැනීමේ දී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු අතර නොසිතූ පසුතැවීම්වලට මුහුණපෑමට සිදුවේ. එමෙන්ම යටපත් වූ කොන්දේ අමාරුවක් හෝ දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අඹුසැමියන් අතර නොරිස්සුම් සහගත කටයුතු කීපයක් සිදුකරන අතර, දැඩි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරයි.

අය 06 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - ලා දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා

 



සහෝදර ගැටලුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ ගැටලු කීපයක් විසඳා ගැනීමට වැඩිහිටි සහය පතයි. කලබලකාරී ගතිපැවැතුම් තමාට පාඩු සිදුකරයි. අලුත් හිතවතුන් හඳුනා ගැනීමට මඟ සැලසේ. එමෙන්ම ගේ දොර උත්සව අවස්ථාවකට හේතු සැලසෙන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයකි. යොදාගත් සැලසුම් කීපයක් කල්දැමීමට මඟ සැලසේ. නිතර දුර ගමන් යෙදෙන කාලයකි. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. සහෝදර ගැටලුවක් දුරදිග යා හැකි කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දු විය යුතු බවක් පෙනේ.

අය 08 - වැය 06
ජය අංකය - 05
ජය වර්ූණය - නිල්
සුබ දවස - සිකුරාදා



 


තැන්පත් ධනය වැයවීමක්


අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතුවල වෙනස්කම් රැසක් සිදුකරන කාලයකි. වරින් වර ඇති කරන අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. වැඩිහිටියෙකු නිසා නොසිතූ කරදරකාරී බවක් ඇති කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. පවුලේ මත ගැටුමක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුකාරී බවක් ඇතිවිය හැකි කාලයකි. වාහන ගනුදෙනුවකට කටයුතු සැලසීමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 07 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - දම්
සුබ දවස - සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.