අගෝස්තු 16 සිට අගෝස්තු 22 දක්වා

අගෝස්තු 16, 2019
 
වගකීම් පැහැර හැරීමක් 
 
පවුලේ කෙනෙකුගේ කටයුතු වෙනුවෙන් ඇපකැපවී කටයුතු කිරීමට සිදුවන කාලයක් වන අතර සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. ආදායම් තත්වය වරින් වර වෙනස් කරන කාලයක් වන අතර හදිසි මුදල් වැයවීම්ද වැඩිකරයි. විනෝදකාමී අදහස් මතුකරන කාලයක් වන අතර වියදමද වැඩිකරයි. අඹුසැමි මතභේදකාරි තත්වයක් දුරදිග යා හැකි කාලයකි. නිතර වගකීම් පැහැර හැරීමක් සිදුවන බවක් පෙනේ. තම වෘත්තිය සම්බන්ධ කටයුතු වලින් තමාට දෝෂාරෝපන එල්ලවිය හැකි කාලයකි. බාහිර කටයුතු සමාජසේවා කටයුතු හේතුවෙන් නිතර පදිංචියෙන් පිට වාසයට කටයුතු සැලසේ. වාහන ගනුදෙනුවකට අතගැසීමට මඟ සැලසේ. හදිස්සියේ හටගන්නා කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. 
 
අය 07 - වැය 05
ජය අංකය - 06
ජය වර්ූණය - කොළ
සුබ දවස -  සිකුරාදා
 
 
 
සිත් කලකිරීමක් 
 
විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. 
මෙතෙක් කරගෙන ආ වැඩපිලිවෙළක් වෙනස් කිරීමට සිදුවෙන සතියකි. පියපස ඥාතියෙකුගේ අසනීපකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර තමා හමුවට එන කෙනෙකුගෙන් කරදර සහිතයි. 
මෙතෙක් පීඩාගෙන දුන් ණයගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. සහෝදර පක්ෂය සමඟ සිත් කලකිරීමක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. කලබලකාරි ගතිපැවැතුමක් හේතුවෙන් තමාට වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. 
 
අය 06 - වැය 09
ජය අංකය - 06
ජය වර්ූණය - තැඹීලි
සුබ දවස -  සිකුරාදා
 
 
වාහන ගනුදෙනුවක් 
 
නිතර ශාරිරික වෙහෙසීම් ගෙනදෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුවන අතර, දරුවෙකුගේ කටයුතු නිසා මානසික ව්‍යාකූලත්වයක් ඇති කරයි. මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. ළඟම හිතවතෙකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගන්නා කාලයකි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක ලෙස තීරණ කීපයක් ගන්නා බවක් පෙනේ. මව්පිය උරුම හිමිකම් වලට පැවැති බාධා මඟහැරී යයි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවන කාලයකි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කාලයකි. 
 
අය 07 - වැය 06
ජය අංකය - 03
ජය වර්ූණය - කොළ
සුබ දවස -  සඳුදා
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.