අගෝස්තු 30 සිට සැප්තැම්බර් 05 දක්වා

අගෝස්තු 30, 2019

සිතේ නොසන්සුන්තාවයක්

පැවැති අවිවේකී බව මඟහැරී යමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කෙනෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. හදිසි තීරණයක් හේතුවෙන් ගැටලු කීපයක් පැන නැගේ. දේපල ආරවුලකට හේතු ඇතිකරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්වයි. කලබලකාරී ගති පැවැතුම් තමාට අවාසි සිදුකරන බවක් පෙනේ. විවාහ බලාපොරොත්තුවකුට වැඩිහිටි විරෝධය පැන නැගෙන කාලයකි. පවුලේ අය අතර සිදුවන බහින් බස්වීමක් දුරදිග යාමට ඉඩ ඇත. සති අන්තයේ දී මුදල් ගනුදෙනුවකදී වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මුදල් ගැටලුවක්

ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. දේපල ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. එමෙන්ම අසල්වැසි සහය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් හේතුවෙන් සිතේ කනස්සලු ස්වභාවයක් ඇතිකරයි. ණය ගනුදෙනුවක් හේතුවෙන් මානසික පීඩාගෙන දෙන කාලයකි. ළඟින් ඇසුරු කරන කෙනෙකු නිසා තම ආත්ම ගෞරවයට හානි සිදුවන අන්දමේ කටකථා අසන්න ලැබේ. වෙනදාට වඩා කල්පනාකාරීව තීරණ ගත යුතු බවක් පෙනේ. මුදල් ගැටලුවක් හේතුවෙන් ප්‍රශ්න කීපයක් දුරදිග යයි.

අය 06 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

සහෝදර මත ගැටුමක්

පවුලේ බැඳීම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සැලසීමට ඉඩ ඇති කාලයක් වන අතර සඳුගේ ගමන 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර තමාට අන් අයගේ උදව් උපකාර සැලසෙන බවක් පෙනේ. ගනුදෙනුවලදී දුරදිග සිතා බැලිය යුතු කාලයකි. තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගැනීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දු විය යුතු බවක් පෙනේ. හදිස්සියේ සිදුවන කකුලේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සිතාබැලීමට සිදු වන බවක් පෙනේ. දරුවෙකුගේ කටයුතු හේතුවෙන් මානසික අවිවේකය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සති අන්තයේ දී සහෝදර මතගැටුමක් දුරදිග යාමට ඉඩ ඇත.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.