සැප්තැම්බර් 06 සිට සැප්තැම්බර් 12 දක්වා

සැප්තැම්බර් 6, 2019

වගකීම් පැහැර හැරීමක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි.හදිසි වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. බාහිර කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරන කාලයකි. එමෙන්ම ආගමික සැලසුමක් වෙනුවෙන් වැඩි කාලයක් යොදන බවක් පෙනේ. නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇතිවන කාලයකි.

ගේ දොර වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. පවුලේ කෙනෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. ඥාති සහෝදරයකු නිසා නොසිතූ ආරවුලකට පැටලේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

තනතරුලාභයක් අලුත් සාමාජිකයෙක්

විශේෂ සැලසුමකට අත ගැසීමට මඟ සැලසෙමින් සතිය ආරම්භවන කන්‍ය ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. ආර්ථික අතින් යම් යම් අඩුපාඩු මතුකරන කාලයකි. විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට අවස්ථාව සැලසේ. දුර ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. විදෙස්ගත ඥාතියෙකුගේ පැමිණිමක් සිදුවීමට ඉඩ ඇත. නිතර ආගමික නායකයන්ගේ සහය පතන කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණුද පෙන්නුම් කරයි. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. සෙම් රෝග මතුවන කාලයක් බැවින් ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වන්න.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මුදල් ගණුදෙනුවක්

තනතුරු මාරුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. පැවැති ශාරිරික අපහසුකම් මඟහැරී යන කාලයකි. එමෙන්ම ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක්ද සිදුකරයි. ගතට සිතට අවිවේකය ඇතිකරන කාලයකි. එදිනෙදා කටයුතු කිරීමේදී ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බවක් පෙනේ.

පවුලට අලුතින් සම්බන්ධ කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. හදිසි අසනීප තත්ත්වයක් වෙනුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇත. හිතවතෙකු සමඟ මුදල් ගණුදෙනුවකට ද කටයුතු සැලසෙන කාලයකි

අය 05 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.