‍‍සැප්තැම්බර් 13 සිට ‍‍සැප්තැම්බර් 19 දක්වා

සැප්තැම්බර් 13, 2019

නොගැලපෙන ඇසුරක්

අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වියදම් දැරීමට සිදුවන කාලයකි. එමෙන්ම මව්පස ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. සමාජ සේවා කටයුතු පිළිබඳ දැඩි කැපවීමක් දැරීමට සිදුවේ. වෙහෙස ඇති ගමනකටද සහභාගි වීමට අවස්ථාව සැලසේ. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයකි. අසල්වැසියෙකු නිසා ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇත. නොගැලපෙන ඇසුරක් හේතුවෙන් මානසික පීඩා ඇතිකරයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට මඟ සැලසෙන අතර උත්සව අවස්ථාවක් වෙනුවෙන්ද වෙහෙසිම් වැඩිකරයි. සති අන්තයේදී වරින් වර හට ගන්නා කොන්දේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

සෙම් අමාරු

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 6,7,8 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. මෙතෙක් පැවැති පවුලේ ගැටලුකාරි බවක් මඟහැරී යන කාලයකි. එමෙන්ම අලුත් ගේ දොර ඉදිකිරීමක් සම්බන්ධ කටයුත්තකට අතගැසීමට මඟ සැලසේ. වෙනදාට වඩා අමතර ආදායම් මාර්ග වැඩිකරයි. සතිය මැද කාලයේදී පවුලේ අය සමඟ දුරගමනකට අවස්ථාව උදාකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බැවින් ජලය සම්බන්ධ කටයුතු වලදි පරිස්සම් වන්න. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයකි. දරුවෙකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් අසන්න ලැබේ. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳ කල්පනාකාරි වීම යහපත් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ශාරීරික වෙහෙස

මුදල් ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරමින් සතිය අරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේ දොර සැලසුමක් වෙනස් කිරීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. අසල්වැසි ආරවුලක් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙනේ. ශාරිරික වෙහෙස මහන්සිය ගෙන දෙන කාලයකි. එමෙන්ම පවුලේ කෙනෙකුගේ දුරස්විමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයකි. දුරගමන් පිළිබඳ පරිස්සම් වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ කීපයක් වෙනසකට ලක් කරයි. සති අන්තයේදී පවුලේ වගකීමක් තමාපිට පැවරීමට ඉඩ ඇත. විදෙස්ගත ඥාතියෙකුගෙන් උපකාර හිමිකරයි.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.