ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 10 දක්වා

ඔක්තෝබර් 4, 2019

සිතේ නොසන්සුන්තාවයක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. අතමිට මුදල් ගැවසෙන කාලයක් වුවත් වැයපස අධික වන බවක් ද පෙන්නුම් කරයි. මඟතොට හමුවන කෙනෙකුගෙන් උපකාරයක් හිමිකරයි. ගේ දොර ඉදිකිරීමක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩිවීමට ඉඩ ඇත. පවුලේ ගැටලුවක් දුරදිග යන කාලයකි. වරින් වර ඇතිවන සිතේ නොසන්සුන්තාවයක් හේතුවෙන් කටයුතු කීපයක ප්‍රමාදතාවයක් සිදුකරයි. එමෙන්ම යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකිය. වගකීම් පැහැර හැරීමක් හේතුවෙන් නිතර දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. ගනුදෙණුවලදී කල්පනාකාරී විය යුතු බවක් පෙනේ.

 

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

නොසිතූ වාසි

යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. ළඟින් ඇසුරු කරන හිතවතෙකුගේ අමනාප වීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. නිතර තමාට වාසිදායක වන අයුරින් කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයකි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙනේ.

එමෙන්ම අලුත් රැකියා ලාබ හිමිවුවත් ඒවාට විවිධ බලපෑම් මතුවන ලකුණු පෙනේ. හදිස්සියේ තමා සොයාගෙන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇති කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

 

විශ්වාසයබිඳවැටීමක්

එදිනෙදා කටයුතු අධික කරමින් සතිය ආරම්භවන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. පවුලේ කෙනෙකු නිසා ඇතිව තිබූ මතභේදකාරි බවක් දුරදිග යන ලකුණු පෙනේ. එමෙන්ම විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. දේපල ගැටලුවකට මුහුණපෑමට සිදුවන කාලයකි.

ණය ගනු දෙනුවක් පියවා ගැනීමට මාර්ගය සැලසේ. දරුවෙකුගේ නොසන්සුන්කාරි ගති පැවතුම් හේතුවෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතු කාලයකි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

 

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.