ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 දක්වා

ඔක්තෝබර් 18, 2019

දරුවෙකුගේ ජයග්‍රහණයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් වැය පස අධිකවන කාලයකි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන්න. නිතර ශාරීරික වෙහෙසීම් වැඩි කරන කාලයකි. ළඟම හිතවතෙකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. ජලය සම්බන්ධ කටයුතුවලින් වැලකී සිටීම යහපත් කරයි. දරුවෙකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට මඟ සැලසේ. ආගමික සැලසුමක් සඳහා වෙහෙසීම් වැඩි කරයි. පවුලේ පැවැති අර්බුදකාරී ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. සති අන්තයේ දී නිතර හට ගන්නා කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

නිලතල නම්බුනාම

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් දුරදිග යමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා තමා ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. විදෙස් ගත හිතවතෙකුගෙන් උපකාරයක් හෝ විදෙස් සංචාරයකට ආරාධනාවක් ලැබෙන කාලයකි. එමෙන්ම නිලතල නම්බු නාම වලටද හිමිකම් ඇති බවක් පෙනේ. ප්‍රභූන් හා ඇසුරට අවස්ථාව සැලසේ. දුරදිග බලා ගන්නා තීරණ කීපයක් හේතුවෙන් තමාට නොසිතූ ජයග්‍රහණයක් අත්විඳිය හැකි කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මාර්ගය සැලසෙන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

වගකීම් පැහැර හැරීමක්

සදු ග්‍රහයා 5,6,7,8 යන බාවස්තාන වල ගමන් කරයි.ලැබීම් අතින් යහපත් සතියක් වූවත් ඒවා ක්‍රමවත් ලෙස විය පැහැදම් කිරීමට නොහැකිවීමෙන් ගැටලු ඇතිවීමට ඉඩ ඇත. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමට ඉඩ ඇති කාලයකි. නිතර තමා අතින් වගකීම් පැහැර හැරීමක් සිදු කරයි. ගෙදරට යන එන කෙනෙකු නිසා වැඩපිළිවෙලක් වෙනස් කරයි. නැති වූ දෙයක් නැවත ලබා ගත හැකි කාලයකි. වරින් වර ආගමික සහන පතන කාලයකි. ගේ දොර කටයුතු සම්බන්ධ කල්පනාකාරී වීම වැදගත් වේ. ඥාතියෙකුගේ වැඩ කටයුතු හේතුවෙන් නිතර පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. දරුලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරී වන්න. නිතර තමාට පවුලේ අයගෙන් උපදව් උපකාර සැලසෙන කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.