නොවැම්බර් 01 සිට නොවැම්බර් 07 දක්වා

නොවැම්බර් 1, 2019

වාහන ගණුදෙනුවක්

හදිසි මුදල් වැයවීමක් සිදුකරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කෙනෙකු සමඟ නොරිස්සුම් සහගත ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

නිතර තමා හමුවට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. අතපසු වූ ගේ දොර කටයුතු කීපයක් නැවත ඇරඹීමට මඟ සැලසේ. දරුලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා සැලකිලිමත් වන්න. උසස් අධ්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට විශේෂ වාසි කීපයක් සැලසේ. අඹුසැමි මතභේදකාරි තත්වයක් මඟහැරී යන කාලයකි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකට අතගැසීමට හේතු යෙදෙනු ඇත.

අය 07 - වැය 08

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

විදෙස් ලැබීම්

මානසික අවිවේකයට කරුණු සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් පවුලේ කෙනෙකුගේ ඈත්වීමක් සිදුකරයි. විදෙස් ලැබීමක් හේතුවෙන් මෙතෙක් කරගෙන ආ සැලසුමක් වෙනස්කිරීමට හේතු යෙදේ. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයෙකු පිළිබඳ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. රැකියාවේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දැක්වීම ඉදිරි කටයුතු සඳහා යහපත් වේ. එමෙන්ම ගේ දොර කටයුතු පිළිබඳවද වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේදී පවුලේ ළඟම ඥාතියෙකු පිළිබඳ සිත්කලකිරෙන පුවතක් අසන්න ලැබේ.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - රතු

සුබ දවස - ඉරිදා

 

වැයපස අධික වේ

මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යන කාලයක් වන අතර සඳුගේ ගමන 12,1,2 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. නිතර අතමිට මුදල් ගැවසුනත් වැයපස අධිකවන බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව අඩුවී යන කාලයකි. ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇත. ආගමික කටයුතුවලින් සහන පතන කාලයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ වැඩිහිටියෙකු නිසා ඇතිවන ආරවුලක් දුරදිග යාමට ඉඩ ඇත. පැරණි හිතවත්කමක් අලුත්වීමෙන් ගැටලු කීපයක් මඟහැරේ.

අය 06 - වැය 03

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.