නොවැම්බර් 08 සිට නොවැම්බර් 14 දක්වා

නොවැම්බර් 8, 2019

විවාහ ගිවිසුමකට බාධා

අමතර කටයුතුවලින් මිදීමට අවස්ථා උදාකරන කාලයක් වන අතර සඳුගේ ගමන 12, 1, 2 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලේ අය අතර පැවැති මතභේදකාරී බවක් මඟ හැරී යන කාලයකි. එහෙත් සහෝදරයෙකුගේ හිතුවක්කාර ක්‍රියාකලාපයක් හේතුවෙන් ගැටලු කීපයක් මතුකරයි. නිතර නිතර හට ගන්නා දණහිසේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට හවුල් වීමට මඟ සැලසේ. විවාහ ගිවිසුමකට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පැරැණි හිතවතෙකු තමා සොයාගෙන එන කාලයකි. වරින් වර ගුප්ත කටයුතුවලින් සහන බලාපොරොත්තු වන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ඉඩම් ගනුදෙනුවක් සාර්ථක කරනු ලබන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ගනුදෙනුවකට නීති පිහිට

වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන කාලයක් වන අතර, සඳුගේ ගමන 11, 12, 1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අතමිට මුදදල් ගැවසුනත් වැය පස අධික වන කාලයකි. එමෙන්ම පවුලේ අය සමඟ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යන කාලයකි. දරුලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. නිතර කේන්ති යන ස්වභාවයක් ඇති කරන කාලයක් වන අතර, ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් ද පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගනුදෙනුවක් විසඳාගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. නිතර ඇවිදිලි ඇතිකරන කාලයක්වන අතර කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයක් බව පෙනේ.

අය 06 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

නොගැළපෙන ඇසුරක්

තීරණ වෙනසක් සිදුකරමින් සතිය ආරම්භවන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අලුත් ඥාති සබඳතාවලට අවස්ථාව සැලසෙන කාලයකි. විදෙස් ලාබ ගෙනදෙන මාර්ග කීපයක් ඇති කරයි. එමෙන්ම හිතවතුන්ගෙන් සහය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීම හැකිවේ. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලසේ. දුර ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සූදාසම් වන බවක් පෙනේ. නොගැලපෙන ඇසුරකට පැටලීමට ඉඩ ඇති අතර නිතර වයසින් අඩු අය සමඟ ඇසරට කටයුතු සැලසේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - රෝස

සුබ දවස - බ්‍රහස්පතින්දා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.