දෙසැම්බර් 06 සිට දෙසැම්බර් 12 දක්වා

දෙසැම්බර් 6, 2019

තනතුරු මාරුවක්

වගකීම් බහුල වෙමින් ආරම්භවන මේ සතියේ සඳුගේ ගමන 11, 12, 1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. යෝජනා ස්ථිර වීමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමට ඉඩ ඇත. හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුත්තකට අත ගැස්මට සිදුවන කාලයකි. අන්සතු වස්තු ලාබයක් වෙනුවෙන්ද වෙහෙසීම් වැඩි කරයි. මෙතෙක් පීඩාගෙන දෙමින් පැවැති අසනීපකාරී තත්ත්වයකින් සුවය හිමිකරන කාලයකි. තනතුරු මාරුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ආයතන ප්‍රධානීන් සමඟ ගැටලු ඇති කරගන්නා කාලයකි. සති අන්තයේ දී වාහන මිලදී ගැනීමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

අය 06 - වැය 04
ජය අංකය - 05
ජය වර්ූණය - කොළ
සුබ දවස - සිකුරාදා



ගේ දොර අලුත්වැඩියාවක්
වගකීම් බහුල වෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයකි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. පවුලේ කෙනෙකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදර සහිත බවක් පෙනේ.
රැකියාවේ කටයුතු සම්බන්ධ මතභේදකාරී බවක් ගෙන දේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරකට කටයුතු සැලසේ. දරුලාබ අපේක්ෂිතයන් වෙනදාට වඩා කල්පනාකාරී වන්න. සති අන්තයේ දී ගේ දොර අලුත්වැඩියාවක් කෙරෙහි කටයුතු සැලසෙන බවක් පෙනේ.

අය 06 - වැය 04
ජය අංකය - 02
ජය වර්ූණය - ලා කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා



සැලසුම් වෙනසක්
මෙතෙක් පැවැති සිතේ නොසන්සුන්තාවය මඟහැරී යමින් සතිය ආරම්භය මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා පවුලේ වගකීම් වැඩිවන කාලයක් වන අතර නිතර අතපසුවීම් වැඩිකරන බවක් ද පෙනේ. උදව් උපකාර පතා ඥාතියෙකුªගේ පැමිණීමක් සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු යි. දරුවෙකුගේ ඉක්මන්කාරී කටයුතු තමාට පාඩු කීපයක් සිදුකරයි. වරින් වර මුදල් වියදම් වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. පවුලේ වැඩිහිටියෙකු නිසා මානසික පීඩා වැඩිවන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට සිදුවන කාලයකි.

අය 07 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.