ජනවාරි 10 සිට ජජනවාරි 16 දක්වා

ජනවාරි 10, 2020

වාහන ගණුදෙනුවක්

අමතර වියදම් බහුල කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. නිතර හමුවන කෙනෙකුගෙන් කරදර ගෙන දෙන බවක් පෙනේ. සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසේ. නීති ගැටළුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. ශාරිරික වෙහෙසීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. ආගමික සැලසුමක් වෙනුවෙන් දුර පළාතකට යාමට අවස්ථාව උදාකරයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති විවාහ බලාපොරොත්තුවකට මව්පිය ආශිර්වාද හිමිකරයි. හදිස්සියේ වාහන ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසෙන බවක් පෙනේ.

අය 07 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස - බදාදා




රැකියාවේ තනතුරු මාරුවක්


විශේෂ සැලසුමකට කටයුතු කීපයක් සූදානම් වෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක බවක් ඇති කරයි. තනතුරු මාරුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවිය හැකි බැවින් කල්පනාකාරි වන්න. අලුත් ගේදොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. එමෙන්ම කල්ගත වූ ණය මුදලකින් නිදහස් වීමට මඟ සැලසෙන කාලයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් දුර පළාතක යාමට මඟ සැලසේ. රැකියාවේ ස්ථාන මාරුවකට හෝ තනතුරු මාරුවකට ඉඩකඩ ඇති කාලයකි.

අය 07 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - ලා දම්
සුබ දවස - සිකුරාදා




අමතර ගමන් බහුලයි


මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟසැලසෙමින් ආරම්භ වන මේ සතිය මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කෙනෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන අතර. අමතර ගමන් බිමන් බහුල කරන කාලයකි. නොසිතූ ලෙස නීතිගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතු කීපයක් කල්දැමීමට සිදුවේ. නොසිතූ ලෙස තමාට පාඩුගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි. උත්සාහයෙන් කටයුතු කළත් තමාට ඒවායින් ලාබ ප්‍රයෝජන අත් නොකරයි. වාහන හුවමාරුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට මඟ සැලසේ. විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප වී යන කාලයක් බව පෙනේ.

අය 08 - වැය 04
ජය අංකය - 05
ජය වර්ූණය - ලා දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.