ජනවාරි 17 සිට ජජනවාරි 23 දක්වා

ජනවාරි 17, 2020

ලොතරැයි ජයග්‍රහණ

අතමිට සරු වුවත් වගකීම් බහුල කරමින් සතිය ආරම්භවන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7 ,8 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී කල්පනාකාරි වීම වැදගත් වේ. වෙහෙස ඇති ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. හදිසි ලොතරැයි ජයග්‍රහණයකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. විදෙස් ගත වූවකුගෙන් උපකාරයක් හිමිවන බවක් පෙනේ.පවුලේ කෙනෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

අය 08 - වැය 05
ජය අංකය - 06
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා




දේපල හිමිකමක්

අවිවේකී බව මඟහැරී යමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ සතුට, සමාදානයට කටයුතු සැලසෙන අතර අඹුසැමි සිත් නොහඳකමක් මගහැරී යන බවක්ද පෙන්නුම් කරයි. මෙතෙක් බාධාගෙන දෙමින් පැවැති දේපල් හිමිකමක් පිළිබඳ බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවේ. අසල්වැසියෙකු නිසා පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. නිවාස සැලසුමක් වෙනුවෙන් අතගැසීමට මඟ සැලසෙන කාලයකි. සතිය මැද කාලයෙදී හදිස්සියේ හට ගන්නා අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දුර ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. පෙර පින මතුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයකි.

අය 07 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - ලා දම්
සුබ දවස - බදාදා

 

ආගමික වැඩසටහනක්

හදිසි ගණුදෙනුවකට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර ලැබීම් වලට ඉඩ සැලසෙන කාලයක් වුවත් වැයපස අධික වන අන්දමේ කටයුතු කීපයක්ද සැලසේ. පදිංචි ස්ථානයේ අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අවස්ථාව උදාකරයි. පැරණි හිතවතෙකු තමා සොයාගෙන එන කාලයකි. නිවසේ ආගමික වැඩසටහනකට කටයුතු සැලසෙන කාලයකි. හිතවතෙකු සමඟ මුදල් ගණුදෙනුවක් කර ගැනීමට මඟ සැලසේ. මව්පස ඥාතියෙකු නිසා කරදරකාරි බවක් ඇතිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලින් කල්පනාකාරි වන්න.

අය 07 - වැය 05
ජය අංකය - 03
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.