ජනවාරි 24 සිට ජනවාරි 30 දක්වා

ජනවාරි 24, 2020

වාහන ගනුදෙනුවක්

වගකීම් බහුල කරන කාලයක් වන අතර සඳුගේ ගමන 8,9,10,11 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. පවුලේ කටයුතු වෙනුවෙන් පැවැති වගකීමක් පැහැර හැරෙන කාලයකි. වෙනදාට වඩා හිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. මත ගැටුමකට මුල්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. විවාහ දිවියේ කටයුතු කීපයක් වෙනුවෙන් වැඩිහිටි විරෝධය හිමිවන කාලයකි. අලුත් තනතුරු ලැබීම් වලට හේතු ඇතිකරයි. එමෙන්ම යන එන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. නොසිතූ ලෙස හදිසි ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසේ. පවුලේ ළඟම ඥාතියෙකුගේ දුරස්වීමක් සිදුකරයි. තමා සොයාගෙන එන හිතවතෙකු නිසා වාසි කීපයක් සැලසේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් අත ගැසීමට මඟ සැලසෙන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මතගැටුමක්

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර සඳුගේ ගමන 4,5,6,7 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. පවුලේ අය අතර පැවැති මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන කාලයකි. යටපත් වූ දණහිසේ වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.සතිය මැද කාලයේදී පෙම්වතුන් අතර සිදුවන මත ගැටුමක් දුරදිග යා හැකි බවක් පෙනේ. තරඟ විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. වාහන හුවමාරුවකට හෝ අලුත් වාහනයක් මිලදී ගැනීමක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට මඟ සැලසේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ගුප්ත කටයුතු වලින් පිහිට

හදිස්සියේ ගත් තීරණ කීපයක් වෙනස් කිරීමක් සිදුවෙමින් සතිය ආරම්භවන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. අතපසු වූ කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදාකරයි. ළඟම හිතවතෙකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනීමට මඟ සැලසේ. සතියේ මැද කාලයේදී නිවසේ දානමය පින්කමකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. පදිංචි ගෘහය සම්බන්ධ මතභේදකාරි බවක් ඇති කරන කාලයකි. යටපත් වූ පෙම් සබඳතාවයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරිව කටයුතු කරන්න. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක් පෙනේ. හදිස්සියේ සිදුවන වාහන හුවමාරුවකින් පාඩු විදීමට සිදුවේවි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.