පෙබරවාරි 07 සිට පෙබරවාරි 13 දක්වා

පෙබරවාරි 7, 2020

විදෙස් ඥාතියෙකුගෙන් උපකාර

ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයක් වන අතර සඳුගේ ගමන 2, 3, 4, 6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අවිවේකී සතියක් වුවත් එදිනෙදා වැඩ කෙරෙහි වගකීමෙන් කටයුතු කරන කාලයකි. වාහන මිලදී ගැනීමක් සම්බන්ධ කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. ඉවසීමෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කළයුතු කාලයකි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් දැකීමට හැකි බවක් පෙනේ. මෙතෙක් පැවැති ගේ දොර අවහිරතා මඟහැරී යයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි කාලයකි. විදෙස්ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - ලා දම්්

සුබ දවස - සිකුරාදා

 

ගුප්ත කටයුතුවලින් පිහිට

අවිවේකී ලෙස සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. ළඟින් ඇසුරු කරන අයෙකු නිසා මානසික ගැටලුවකට මුහුණපෑමට සිදුවේ.

එමෙන්ම සමගිය සාමයට බාධා එල්ල වන බවක් පෙන්වයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

දරුවෙකුගේ හිතුවක්කාර කටයුතු කීපයක් හේතුවෙන් අන් අයගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තැන්පත් ධනය වැයවීමක්

පවුලේ ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භවන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවෙකුගේ ඉදිරි සැලසුමක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් සැලසෙන කාලයකි. එමෙන්ම පවුලේ කෙනෙකු වෙනුවෙන් ඇපකැපවී කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. පදිංචි ස්ථානය සම්බන්ධ මතුවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. හදිස්සියේ ඇතිවන යටිබඩේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අමතර ආධායම් මාර්ග කීපයක් මඟහැරී යන බවක් පෙනේ. තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු කළත් සාර්ථත ප්‍රතිඵල නොලැබෙන කාලයකි.

අය 05 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.