පෙබරවාරි 14 සිට පෙබරවාරි 20 දක්වා

පෙබරවාරි 14, 2020

වාහන ගණුදෙනු

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. පවුලේ ගැටලු කීපයක් වෙනුවෙන් මූලිකවීමට සිදුවන අතර තමාට වැඩිහිටියෙකුගේ දෝෂාරෝපණයකටද ලක්වීමට සිදුවේ. නිතර මනසට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. විදෙස්ගත හිතවතෙකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු ඇතිකරයි. වාහන ගනුදෙනුවක් පිළිබඳ කල්පනාකාරි විය යුතු කාලයකි. එමෙන්ම විදෙස් ලැබීමකටද කරුණු සිදුකරයි.

අය 06 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - කහ
සුබ දවස - බදාදා

 



අතමිට මුදල් ගැවසේ


යටපත් වූ බලාපොරොත්තු කීපයක් ඉටුකරමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ මේ සතිය ආරම්භ වන්නේ සඳු 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කිරීමෙනි. එමෙන්ම සෙම් රෝග බහුල කාලයක් බැවින් ජලය සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී වන්න. සහෝදරියක සමඟ සිත් නොහැඳකමක් මඟහැරී යන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.නිතර තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී තැන්පත් ධනය තර කර ගැනීමට මාර්ග සැලසේ. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

අය 06 - වැය 04
ජය අංකය - 09
ජය වර්ූණය - දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා

 



දානමය පින්කමක්

නිතර උදාසීන ගතිපැවතුම් ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ වැඩිහිටියෙකු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත්ව කටයුතු කිරීමට සිදුවන කාලයකි. උත්සාහයෙන් කටයුතු කලත් ඒවාට සාර්ථක ප්‍රතිඵල අත් නොවන බවක්ද පෙන්නුම් කරයි. අඹුසැමි සුහදතාවයට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. කල්ගතවූ ණය මුදලකින් නිදහස්වීමට මඟ සැලසේ. එමෙන්ම නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. මව්පස ඥාතියෙකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. නිවසේ දානමය පින්කමකට කටයුතු සූදානම් වන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර මතගැටුමකට දුරදිග යා හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අය 08 - වැය 07
ජය අංකය - 03
ජය වර්ූණය - කහ
සුබ දවස - සිකුරාදා


 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.