පෙබරවාරි 21 සිට පෙබරවාරි 27 දක්වා

පෙබරවාරි 21, 2020

සහෝදර උපකාර

විශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයක් වන අතර සඳුගේ ගමන 9, 10, 11 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අමතර ගනුදෙනුවක් සිදුකරගන්නා කාලයක් වන අතර සහෝදර පක්ෂයෙන්ද උදව් උපකාර සැලසෙන බවක් පෙනේ. නිතර නිවසට යන එන කෙනෙකු පිළිබඳ කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න. කලබලකාරී ගති පැවැතුම් තමාට අවාසි ඇති කරන අතර එකිනෙකා අතර වචන හුවමාරුවක්ද සිදුවිය හැකියි. හදිසි ලාබ ප්‍රයෝජන හිමිකරන කාලයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අය 08 - වැය 06
ජය අංකය - 04
ජය වර්ූණය - කහ
සුබ දවස - සදුදා


 


විශේෂ ලැබීමක්

අමතර කටයුතු කීපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ ලැබීමකට හිමිකම් ඇති කාලයකි. තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නොසිතූ ලෙස වාසි සැලසෙන අන්දමේ සැලසුම් කීපයක් ඇති කරයි. මව්පිය උරුම හිමිකමකට හිමිකම් ඇති කරයි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් අත් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. වයසින් අඩු කෙනෙකු සමඟ ඇසුරට අවස්ථාව සැලසේ. වරින් වර ඇති කරන මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සති අන්තයේ දී පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 05
ජය අංකය - 03
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා

 



මුදල් හුවමාරුවක්

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන කාලයක් වන අතර සඳුගේ ගමන 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථකව නිමාකර ගැනීමට හැකිවෙයි. එමෙන්ම අමතර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිවසේ දානමය පින්කමකට කටයුතු සැලසෙන කාලයකි. එදිනෙදා කටයුතුවලින් තමාට පාඩු සිදුවන බවක් පෙනේ. දරුවෙකුගේ හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවීමක් සිදුකරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයකි. ළඟම හිතවතෙකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකර ගැනීමට අවස්ථාව උදාකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුකරන කාලයක් වන අතර ස්ථාන මාරුවකටද කරුණු ඇති කරයි.

අය 07 - වැය 04
ජය අංකය - 07
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.