මාර්තු 06 සිට මාර්තු 12 දක්වා

මාර්තු 6, 2020

අමතර ලැබීම්

සමගිය සාමයට කරුණු සැලසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. උසස් පුද්ගලයන්ගේ ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. මව්පිය උරුමයක් වෙනුවෙන් නිතර වෙහෙසීමට සිදුවේ. එමෙන්ම නිතර ඇවිදිලි ඇතිකරන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. මෙතෙක් ගේ දොර කටයුතු සම්බන්ධ පැවැති බාධාකාරී ස්වරූපය මඟහැරී යයි. වෙනදාට වඩා අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති කාලයකි. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. විශේෂ ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වීම වැදගත්වන කාලයකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

ගනුදෙනුවකින් නිදහස

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුකරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති ගනුදෙනුවකින් නිදහස සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. පවුලේ සතුට සාමය වෙනුවෙන් ආගමික සහන පතන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන වෙනසක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. සතිය මැද කාලයේදී පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි. යටපත් වූ දණහිසේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට වෙහෙසෙන කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

ගුප්ත කටයුතුවලින් පිහිට

අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 7, 8, 9, 10 යන භාවස්ථානවල සිදුවනු ලබයි. යන එන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. පවුලේ ළඟම ඥාතියෙකු පිළිබඳ සිත් කලකිරීමක් සිදුකරයි. තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේද ී දරුවෙකුගේ අසනීපයක් වෙනුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. වාහන ගනුදෙනුවක් හෝ වාහන හුවමාරුවක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩිකරයි. විදෙස්ගත ඥාතියෙකුගෙන් මුදල් අතමාරුවක් කර ගැනීමට අවස්ථාව සැලසේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.