ජුලි 03 සිට ජුලි 09 දක්වා

ජුනි 26, 2020

තැන්පත් ධනය වැඩිවේ 
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 7,8,9,10 යන භාවාස්ථානවල සිදුවනු ලබයි. අමතර කටයුතු කීපයක් ඇරඹීමට අවස්ථාව සැලසෙන කාලයකි. එමෙන්ම පවුලේ අයගේ හොඳ හිත දිනාගැනීමට කරුණු ඇති කරයි. සහෝදර බහින්බස්වීමක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් පසුවන බවක් පෙනේ. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරන කාලයකි. අන් සතු වස්තු ලාභයකටද හිමිකම් ඇති බවක් පෙනේ. විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසෙන අතර, තැන්පත් ධනය තරකර ගැනීමටද කටයුතු යෙදේ. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. සති අන්තයේදී උගුරේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ. 
 

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

විශේෂ වරප්‍රසාද

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් දක්වන කාලයකි. එමෙන්ම යටපත් වූ කොන්දේවේදනාවක් නැවත මතුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

සතිය මැද කාලයේදී පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. විදෙස්ගත ඥාතියෙකුගේ ගැටලුසහගත අවස්ථාවක් වෙනුවෙන් මුහුණදීමට සිදුවෙයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්විය යුතු කාලයකි. රැකියාව සම්බන්ධ තීරණ ගැනීමේදී හොඳට වඩා කල්පනාකාරි වන්න.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ග්‍රන්ථ කටයුතු

මකර ලග්න හිමි ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථාන හරහායි. සතිය ආරම්භය ලැබීම් අතින් සුබදායක වෙනු ඇත. 

කුඩා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි.සිතු පරිදි කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට සිදුවෙනු ඇත. විශේෂිත කරුණක් වෙනුවෙන් දින කීපයක් නිවසින් බැහැරව සිටීමට සිදුවෙනු ඇත. 

සතිය නිමවීමට පෙර වැඩිමහල් දරුවෙකුගේ උත්සව අවස්ථාවක් එළඹෙයි. යොදාගත් මුදල් ගනුදෙනු කීපයක් නිමා කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ව්‍යාපාරික කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙයි. සති අන්තය ග්‍රන්ථ කටයුතු කීපයකට අත ගසයි. 

අය 04 - වැය 01

ජය අංකය - 01

ජය වර්ූණය - කොළ

සුබ දවස -  ඉරිදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා  රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.