ජූලි 31 සිට අගෝස්තු 06 දක්වා

ජූලි 31, 2020

විවාහ බලාපොරොත්තුවක් 

මෙම සතියේ සඳු ගමන් කරන්නේ 8,9,10 යන භාවස්ථාන හරහායි. දුර බැහැර ගමන් බිමන් යාමේදී තමාගේ ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වන්න. රිය අනතුරු, සර්පයන්ගෙන් හානි සිදුවිය හැකි සතියක් බව පෙන්නුම් කරයි. විවාහ කටයුතු කීපයක් සම්බන්ධව යෝජනා ස්ථිර වන කාලයකි. කුඩා දරුවන්ගේ ඉගෙනීම් කටයුතු පිළිබඳව නිතර අවධානයෙන් සිටින්න. 

කාලයක සිට බලාපොරෙත්තුව සිටි අයකුගෙන් පණිවිඩයක් අසන්නට ලැබෙයි. සතිය ගෙවී යනවිටදී රැකියාවේ කටයුතු කීපයක් වෙනුවෙන් දුර බැහැරකට යාමට සිදුවෙනු ඇත. 

බාල සහෝදරයන්ගේ කටයුතු කීපයක් වෙනුවෙන් තමාගෙන් මුදල් වැයවීමක් සිදුවන සතියකි. 

අය 05 - වැය 06

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස -  ඉරිදා

විශේෂ ලාභ 

ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථාන හරහායි. සතිය ආරම්භය ඥාතී හිතවතුන්ගේ කටයුතු කීපයකට අත ගසයි. යොදාගත් පොදු කටයුතු කීපයක්ම කල් දැමීමට සිදුවන කාලයකි. සතිය මැද උදාවන විටදී දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙනු ඇත. 

කාලයක සිට බලාපොරොත්තු වූ අයෙකු තමා සොයා පැමිණෙයි. සතිය අවසානය වනවිටදී යටපත් වූ රෝග තත්වයක් උත්සන්න වෙනු ඇත. නියමිත වේලාවට ප්‍රතිකාර ලබාගැනීමට උනන්දුවන්න. දෙමාපියන්ගේ කටයුතු වෙනුවෙන් තමාගේ කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. ස්ත්‍රී පක්ෂයේ ඥාතීන්ගේ විශේෂ ලාභයක් අත්විඳී. 

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - රෝස

සුබ දවස - සිකුරාදා

ගුප්ත කටයුතුවලින් පිහිට 

වෙනදාට වඩා වැඩකටයුතු අධික කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ දියුණුව වෙනුවෙන් ගන්නා තීරණ කීපයක් සාර්ථක වන ලකුණූ පෙනේ. 

විදෙස්ගත ඥාතියෙකුගේ උපකාරයක් හිමිකරයි. සමාජ සේවා කටයුතු වලින් විශේෂ ප්‍රශංසා හිමිකරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර නිවසට යන එන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස -  බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.