අගෝස්තු මාසයේ ලග්න පලාඵල

අගෝස්තු 7, 2020

 

 

මේෂ ලග්නය 

මේෂ ලග්නයට යෝගකාරක ගුරු භාග්‍ය ස්ථානගතව හතර අධිපති සඳු සමඟ ආරම්භ වන මෙම කාලය සුබදායක වේ. පූර්ව පුණ්‍යස්ථානය අධිපති යෝගකාරක රවි තුන්වැන්න හා හය අධිපති බුධ සමඟ හතරවැන්නේ ගමන් ගනී. ලග්නාධිපති කුජ, අගෝස්තු 16 වන දින සවස 6.18 ට කුජ හිමි මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වේ. ලග්නයට පිවිසි කුජ යෝගකාරක ගුරුගේ දෘෂ්ටියට ලක්වේ. එය ඉතාමත් සුබදායකය. 

වාසනාවන්ත සුබදායක සියලු පැතුම් ඉටුවන මාසයක් වේ. කුජ ලග්න ගතවීමෙන් රුචක යෝගය යෙදීම මෙන්ම භාග්‍යස්ථානාධිපතිගුරුගේ දෘෂ්ටියට ලක්වීමෙන් ලක්ෂ්මී යෝගයද මෙම අගෝස්තු මස 16 වනදා ආරම්භ වේ. කරන කටයුතුවලින් ජයග්‍රහණය ලැබේ. ඉතාමත් සුබ කාල පරිච්ඡේදයකි. කුජ මහ දශා, අතුරු දශා සහ ගුරු මහදශා, අතුරු දශා ලබා ඇති මේෂ ලග්න හිමියන්ට මෙම කාලය විශේෂයෙන් ඉතාමත් සුබදායකය. එසේ වුවද කුජ, ගුරු, 22 වන දෙර්කාණාධිපති වූ අයට මෙම සුබඵල හීන වේ. 

වෘෂභ ලග්නය 

අගෝස්තු මස පළමු වන දින පෙ.ව. 5.10 ට වෘෂභ ලග්නයේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ධනස්ථානය වන දෙවැන්නට පැමිණීම වෘෂභ ලග්නය හිමි ඔබට වාසනාවන්ත පී‍්‍රතිමත් කාලයක් වේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් ලාභ ප්‍රයෝජන වාසි සැලසේ. පේ‍්‍රමය, ආදරය, ආලය පිළිබඳ සබඳතා ගොඩනැඟේ. ස්ත්‍රීන් සමඟ සබඳතා වැඩිදියුණු වේ. 

ආදායම් තත්වය වැඩි වේ. රෙදි පිළි, සුවඳ විලවුන් වැනි වෙළඳ කටයුතුවලින් වැඩිපුර ලාභ ලැබේ. පී‍්‍රතිදායක උත්සව ආදියට සහභාගි වීමට අවස්ථාව උදාවේ. ගෙදර දොර පී‍්‍රතිය, සතුට ඇතිවේ. සතුටින් කාලය ගෙවීයයි. උසස් අයගෙන් තෑගි බෝග, ආධාර උපාකර ලැබේ. එමෙන්ම යෝගකාරක ග්‍රහයින්ගේ සුබ දෘෂ්ටි වැටීමෙන් තව තවත් සුබ ඵල උදාවේ. 

මිථුන ලග්නය 

මිථුන ලග්න ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ ගමන් ගත් බුධ ග්‍රහයා මෙම අගෝස්තු 2 වන දින දෙවැන්නට පැමිණේ. අගෝස්තු 17 වනදා දක්වා දෙවැන්නේ ගමන් ගනී. දෙවැන්න ධනස්ථානය වන අතර මිල මුදල් ලාභ ලැබේ.

 ආදායම් වැඩිවේ. ගමන් බිමන්වලින් ලාභ ප්‍රයෝජන ලැබේ. උසස් අයගෙන් ආධාර උපකාර ලැබේ. මිථුන ලග්නයට යෝගකාරක සිකුරු ග්‍රහයා ද ලග්නයට පැමිණීම සුබදායකය. එසේ වුවද සෙනසුරුගෙන් අෂ්ඨම ඒරාෂ්ඨකයක් පවතින බැවින් සෙනසුරු මහ දශා, අතුරු දශා හා 22 වන දෙර්කාණාධිපති හා 64 නවාංශක අධිපති වූ අයට ඉහත කී සුබඵල හීන වේ. 

කටක ලග්නය 

කටක ලග්නයට යෝගකාරක කුජ භාග්‍යස්ථානගතව ඇරඹෙන මෙම අගෝස්තු මාසය මිශ්‍රඵල උදාකරමින් ගත වේ. ලග්නාධිපති සඳු හයවැන්නේ සිට ආරම්භ වන මෙම මාසයේ මුල් සතියේ මුල් දින දෙක තුන ඉතා සුබ ඵල ලබා දේ. සුළු සුළු ධන ලාභ ලැබේ. ශරීර සනීපය ඇතිවේ. හොඳ ආහාර පාන ලැබේ. සතුරන් පරාජය වේ. අදහස් ඉෂ්ඨ වේ. ගරු සැලකිලි ලැබේ. 

සිංහ ලග්නය

සිංහ ලග්නය හිමි ඔබට මෙම අගෝස්තු මාසය සුබ අසුබ මැද ගත කිරීමට සිදුවේ. අගෝස්තු 16 වන ඉරු දින කටක රාශියේ ගමන් කළ රවි ග්‍රහයා තමන්ගේ ස්වක්ෂේත්‍ර රාශියට පිවිසේ. මෙම පැමිණීම නිසා මෙතෙක් තිබූ අවහිරතා බාධක මගහැරී තමන් කරන කටයුතුවලින් ජයග්‍රහණය කරා යොමුවීමට හැකිවේ. යෝගකාරක ගුරු ග්‍රහයාගේ දාෂ්ටිය රවිට වැටීම මත තව තවත් සුබඵල ගෙන දේ. එසේ වුවද ශරීර සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සිංහය තේජෝ රාශියක් බැවින් හිසෙහි කැක්කුම, හිසෙහි උෂ්ණ ගතිය වැඩිවේ. 

කන්‍යා ලග්නය 

කන්‍යා ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ යෝගකාරක සිකුරු කර්මස්ථානගතව ඇරඹෙන මෙම මාසය සුබඵල උදා කරයි. රැකියා කටයුතුවල ප්‍රගතියක්, දියුණුවක් ඇතිවේ. නව රැකියා බලාපොරොත්තු ඉෂ්ඨ වේ. මිල මුදල්, රන් රිදී, මුතු මැණික්, විසිතුර භාණ්ඩ ලැබේ. වරින්වර සිත්තැවුල් කනස්සල්ලට හේතු ද ඇතිවේ. එසේ වුවද ධෛර්ය සම්පන්නව වැඩ කටයුතු කිරීමෙන් අභියෝග මැද ජය ගැනීමට හැකිවේ. 

තුලා ලග්නය 

තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා මෙම අගෝස්තු මස 1වන දින මිථුන රාශියට ගමන් ගනී. මිථුන රාශිය වූ නවවැන්න තුලා ලග්නයේ භාග්‍යස්ථානය වේ. යෝගකාරක බුධ ග්‍රහයා අගේස්තු 2 වන දින දහවැන්න වූ කටක රාශියට ප්‍රවිෂ්ට වේ. මෙම ගෝචර ගමන තුලා ලග්නයට ඉතා සුබඵලදායකය. ශරීර සනීපය ඇතිවේ. මිල මුදල් ලාභ ලැබේ. කථාවේ දක්ෂ වේ. සතුරු බලය මැඬ පැවැත්වේ. අඹු දරුවන් සමඟ සතුටින් කාලය ගෙවීමට හැකිවේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උචදාවේ. ආගමික භක්තිය වැඩිවෙයි. සතුට , සැනසුම ඇතිවේ. විනෝද ගමන්යාමට අවස්ථාව උදාවේ. මෙතෙක් තිබූ කරදර බාධක ඉවත් වී යයි. අලුත් ගමනකට සුබදායක කාලයකි. 

වෘශ්චික ලග්නය 

වෘශ්චික ලග්න ඔබේ කේන්ද්‍රයේ යෝගාකරක ගුරු ග්‍රහයා ධනස්ථාන ගතව සඳු කේතු සමඟ ඇරඹෙන මෙම මාසය ඔබට අධික ලෙස සුබඵල උදා කරන කාලයකි. ලග්නාධිපති කුජ පස්වැන්නේ සිට හයවැන්නට මෙම අගෝස්තු 16 වන දින ප්‍රවිෂ්ට වේ. කරදර බාධක ඉවත් වේ. අසනීප තත්ත්වයෙන් පෙළෙමින් සිටියා නම් සුවදායක තත්ත්වට  පත්වේ. මිල මුදල් ලාභ ලැබේ. නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ අලුතින් ගැනීමට අවකාශය ලැබේ. දේපළ උරුමකම් හිමිවේ. ව්‍යාපලාරවලින් දියුණුව ඇතිවේ. උසස් අය සමඟ ඇසුරු කිරීමට අවස්ථාව උදාවේ. වෘශ්චික ලග්න හිමි අයට ඉතාමත් සුබ කාලයකි. 

ධනු ලග්නය 

ධනු ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති ගුරු, කේතු සමඟ ලග්නගතව ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කෙරෙන අතර යෝගකාරක කුජ කේන්ද්‍රස්ථානයක් වන හතරවැන්නේත්, දෙවැන්න අධිපති ශනි දෙවැන්නේත් ගමන් ගනී. එමෙන්ම අනෙකුත් ග්‍රහ රටාවන් සමඟ සෑසඳීමේදි සුවිසල් සුබදායක තත්ත්වයක් ගොඩනැඟී නොමැති වුවද සාමාන්‍ය පරිදි කාලය ගතවේ. මිල මුදල් ලාභ ලැබීම පිළිබඳ සතුටුදායක තත්ත්වයක් නැති වුවද වියදම් කිරීමේ ප්‍රමාණයට මුදල් ලැබීම් ශක්‍යතාවය ඇතිවේ. සෙනසුරු ඒරාධෂ්ඨක තත්වය අඩුවෙමින් පවතින නිසා ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් තද බල ලෙස අසීරු තත්වයක් ඇති නොවේ. 

මකර ලග්නය

ලග්නාධිපති ලග්නයේ ගෝචර වන අතර යෝගකාරක සිකුරු හයවැන්නේ ගමන් කරයි.අගෝස්තු 2 වන දින සිට බුධ හත්වැන්නේත් ගමන් කරයි. නවග්‍රහයින්ගේ ග්‍රහ ගෝචරය අනුව සුබ ඵල වලට වඩා අසුබ ඵල ලබාදෙන කාලයකි. ගේ දොර අඟ හිඟතා ඇතිවේ. මිල මුදල් නාස්ති වේ. වගා පාළු ඇතිවේ. උදරාබාධ, ලේ දෝෂ, හෘදය ආශි‍්‍රත ගැටලු ඇතිවේ. හිතට බය ඇතිවේ. 

කුම්භ ලග්නය 

කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති දොළොස්වැන්නේ ගමන් කරන අතර යෝගකාරක සිකුරු පස්වැන්නට පැමිණීමත් යෝගකාරක බුධ හයවැන්නට පැමිණීමත් කුම්භ ලග්නයට අලුත් බලාපොරොත්තු තබාගත හැකි කාලයකි. මෙම කාලයේ ලග්නාධිපති වන ශනිගේ දුර්වල ගමනක් පවතින බැවින් වරින් වර බාධා අවහිර මතුවිය හැක. අනුන්ගේ ප්‍රශංසා හොඳ නාම ලැබේ. සිතට පී‍්‍රතිය දනවන කටයුතු සිදුවේ. සමාජයේ තම නම කැපී පෙනෙයි. ධන ලාභ ලැබේ. සතුටු විය හැකි කාලයකි. 

මීන ලග්නය 

මීන ලග්නයේ ලග්නාධිපති ගුරු දසවැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කරන අතර යෝග කාරක කුජ ලග්නයේ ගමන් කෙරේ. ලග්නාධිපති දසවැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කිරීම නිසා රැකියාවේ සුබ වෙනසක් දැන ගැනීමට හැකිවේ. ආදායම් තත්වය ඉහළ යයි. ගුරු බලවත්ව ගමන් කිරීම මත ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. දැහැමිව ආගමානුකූලව කටයුතු කිරීමට සිත පොලඹවන කාලයකි. කුජ ලග්නගතවීම මත ආවේගශීලිව කටයුතු කිරීමට පෙලඹේ. ගෘහ ජීවිතයට එය යහපත් නොවේ. මේ නිසාම ගෙදර දොර ප්‍රශ්න ගැටලු ඇතිවේ. ගෙවෙන දසා හා අතුරු දසා අනුව මෙම තත්වයන් වෙනස් විය හැකිය. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.