අගෝස්තු 21 සිට අගෝස්තු 27 දක්වා

අගෝස්තු 21, 2020

ආගමික කටයුතු 

නීති ගැටලුවක් සඳහා වෙහෙසෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර තැන තැන ඇවිදිලි වැඩි කරන කාලයකි. රැකියාවට අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. 

සතිය මැද කාලයේදී පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදු වේ. 

එහෙත් නොසිතූ ලෙස හට ගන්නා දණහිසේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වේ. හදිසි ලැබීම් වලට ඉඩ ඇති කාලයකි. 

අය 08 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස -  බදාදා

 

ආගන්තුක සත්කාරයක් 

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර, සඳු ග්‍රහයා 1,,2,3 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. මුදල් ගනුදෙනු වලදී වගකීමෙන් කටයුතු කරන්න. ඥාතියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

 දරු ලාබ බලාපොරොත්තුවෙන් සිටි අයට සුබදායක කාලයකි. අලුත් නිවාස ඉදිකිරීමක කටයුතු ඇරඹීමට මඟ සැලසේ. සති අන්තයේදි තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරිව කටයුතු කරන්න. මේ සතිය තුළදී දුරගමන් වලින් වැළැකී සිටීම යහපත් කරයි. ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි. 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස -  බ්‍රහස්පතින්දා

 

තැන්පත් ධනය වැයවීමක් 

අවිවේකී සතියක් වන අතර, සඳුගේ ගමන 9,10,11 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. එමෙන්ම සහෝදරයෙකු සමඟ ඇතිවන මතභේදකාරි බවක් දුරදිග යාමට ඉඩ ඇත. දරුවෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. මවගේ අසනීපයක් සුව අතට හැරෙන ලකුණු පෙනේ. මෙතෙක් කරගෙන  ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. වාහන ගනුදෙනුවකින් පාඩු සිදුකරයි. තමාට දෝෂාරෝපණ පැන නැගෙන කාලයකි. 

අය 07 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස -  සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.