අගෝස්තු 28 සිට සැප්තැම්බර් 03 දක්වා

අගෝස්තු 28, 2020

අලුත් ව්‍යාපාරයක් 

වෘෂභ ලග්න හිමි ඔබට මේ සතිය උදාවන්නේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල ගමන් කරමිනි. විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. හිතවතෙකුගේ මාර්ගයෙන් අලුත් ව්‍යාපාරයක් ඇරඹීමට මගසැලසේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවනු ලබයි. ශරීර සෞඛ්‍යය අතින් යහපත් කාලයකි. 

මෙතෙක් තමාට හිමිවන්නට තිබූ මුදලක් පිළිබඳ බලාපොරොත්තු අත් හැර ගැනීමට සිදුවේ. මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. 

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ 

සුබ දවස -  බ්‍රහස්පතින්දා

විශේෂ ජයග්‍රහණ 

මිශ්‍රඵලදායක සතියක් වන අතර සඳුගේ ගමන 4,5,6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ඇරඹීමට මඟ සැලසේ. කකුලේ වළලුකර ආශි‍්‍රත ආබාධ තත්වයක් ඇතිවිය හැකි කාලයක් බැවින් දුර ගමන් නිතර ඇවිදිලි වැඩිකරන කටයුතු වලින් ඈත්වී සිටීම යහපත් කරයි. එමෙන්ම මේ දිනවල ඔබට විවිධ පරීක්ෂණ වලට මුහුණදීමට සිදුවේ. ඔබ ඉගෙන ගන්නා වයසේ පසුවන අයෙක් නම් විශේෂ ජයග්‍රහණවලට හේතු ඇති කරයි.

 සති අන්තය වන විටද පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. සති අන්තයේදී මුදල් අඟහිඟතාවලට මුහුණදීමට සිදුවන කාලයකි. 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස -  සඳුදා

සිතේ කනස්සල්ල 

පවුලේ වැඩි වගකීමක් තමා පිට පැවරෙමින් උදාවන මේ සතියේ මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. හදිස්සි වී ගන්නා තීරණ හේතුවෙන් සිතේ කනස්සල්ල ඇති කරයි. උත්සාහයේ තරමට  ප්‍රතිඵල නොලැබෙන අතර, දරුවෙකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අසල්වැසියෙකු නිසා නීති ගැටලුවකට මුහුණපෑමට සිදුවේ. සහෝදරයෙකු සමඟ සිදුවන බහින්බස්වීමක් දුරදිග යා හැකි බවක් පෙනේ. සති අන්තයේදී මෙතෙක් යටපත්ව තිබු කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි යි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස -  සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.