සැප්තැම්බර් 04 සිට සැප්තැම්බර් 10 දක්වා

සැප්තැම්බර් 4, 2020

මතභේද 

අවිවේකී ලෙස සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසෙන කාලයකි. එමෙන්ම වෙළඳ ව්‍යාපාරවල නියුතු වූවන්ට සුබදායකයි. දේපල ගනුදෙනුවක් හේතුවෙන් ඇතිවූ සහෝදර සිත් අමනාපකමක් දුරදිග යාමට ඉඩ ඇත. 

නිතර ඇසුරු කරන අයෙකු සමඟ මතභේදයක් ඇතිකර ගනී. සමාජ සේවා කටයුතුවලදී දෝෂාරෝපණවලට ලක්වීමට ඉඩ ඇත. නිවසට යන එන කෙනෙකු පිළිබඳ කල්පනාකාරිවන්න.යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයකි. 

අය 06 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ 

සුබ දවස -  බදාදා

නීති ගැටලුවක් 

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ කනස්සල්ල ඇතිකරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. හදිස්සියේ වාහන හුවමාරුවක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරි වන්න. වරින්වර තුනටියේ හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් පදිංචියක් පිළිබඳ බලාපොරොත්තුවක් අතහැර දැමීමට සිදුවේ. පවුලේ වැඩිහිටියෙකු නිසා සිත් රිදවීම් බහුල කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් වෙනස් කිරීමට සිදුවන කාලයකි. එමෙන්ම නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. 

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

දේපල ගැටලුවක් 

මිශ්‍රඵලදායක ලෙස මේ සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. සහෝදර බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. දරුවෙකුගේ උත්සව අවස්ථාවකට කටයුතු සැලසේ. 

ඥාතියෙකු නිසා සිත් වේදනාවක් ඇතිකරයි. ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම්වීම යහපත් කරයි. තුනටිය ආශි‍්‍රත හටගන්නා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩා විදී. දේපල ගැටලුවකට මුහුණදීමට සිදුවන සතියකි. අඹුසැමි විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස -  සඳුදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.