මේ සතියේ ‍ඔබට

ඔක්තෝබර් 23 සිට ඔක්තෝබර් 29 දක්වා
ඔක්තෝබර් 23, 2020

වගකීම් පැහැර හැරීමක්

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි ආදායම් මාර්ගයකට ඉඩ කඩ ඇති කාලයකි. අලුත් ව්‍යාපාර කටයුත්තක් ඇරඹීමට මඟ සැලෙස්. නිතර හමුවන හිතවතකු නිසා පවුලේ ගැටලු කීපයක් මතු කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. විවාහ අපේක්ෂිතයන්ට යහපත් කාලයක් බව පෙනේ. ඥාතියෙකුගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් ඉටු කර ගැනීමට හැකිවේ. පවුලේ ඉඩම් ගැටලුවක් දුර දිග යාමට ඉඩ ඇත. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. වගකීම් පැහැර හැරීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

අමතර ලැබීම්

විශේෂ තීරණයක් හේතුවෙන් කටයුතු කීපයක් කල් දැමීමට සිදුවෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි.පවුලේ කෙනකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවෙයි. මෙතෙක් පැවැති ගනුදෙනුවක් පියවා ගැනීමට මාර්ගය පෑදේ. සතිය මැද කාලයේදී වරින් වර මතු කරන හිසේ ආබාධයක් හේතුවෙන් පීඩා විදීමට සිදුවේ.අධ්‍යාපන කටයුතු නියුතු වූවන්ට ඒ තරම් යහපත් කාලයක් නොවනු ඇත. පොත පතේ වැඩ කටයුතු කෙරෙහි නිතර උදාසීන බවක් ඇති කරයි. පවුුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ වන අතර ඒ් පිළිබඳ සතුටුදායක පුවතක් ද අසන්න ලැබේ. අමතර ලැබීම් වලට මග සැලසෙන කාලයකි.

 

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

කොන්දේ අමාරුවක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික කරන කාලයකි. නොසිතූ ලෙස තමාට පාඩු සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

පවුලේ කෙනකුගේ අසනීපකාරී බවක් දුර දිග යාමට ඉඩ ඇත. වාහනයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. ඥාතියෙකු සමඟ ඇති වූ සිත් අමනාපකමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. තමාට පවුලේ කෙනෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතු විය හැකි කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.