මේ සතිය ඔබට කොහොමද

ඔක්තෝබර්30 සිට නොවැම්බර් 05 දක්වා
ඔක්තෝබර් 30, 2020

කොන්දේ අමාරුවක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අතර සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ ගනුදෙනුවකට අත ගැසීමට මඟ සැලසෙන කාලයකි. යටපත්ව පැවැති කොන්දේ අමාරුවක් නැවත මතු විය හැකි කාලයක් බැවින් ඒ් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. නිතර තමා තනිව කටයුතු කිරීමට සිතන කාලයකි. පවුලේ අය අතර සිත් කලකිරීමක් හට ගන්නා කාලයකි. වෙනදාට වඩා කලබලකාරී ස්වභාවයෙන් කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලයේදී ආහාර විෂ වීමක් හා් අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

උත්සවයක් කල් දමයි

විශේෂ ගමනකට කටයුතු සූදානම් වෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ තරග විභාගයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන කාලයකි. පවුලේ කෙනකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා දරුවෙකුගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

පවුලේ උත්සව අවස්ථාවක් කල් දැමීමට සිදුවන බවක් පෙනේ.අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. සතිය මැද කාලයේදී හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදුවෙයි.කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලෙසන කාලයකි

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - රෝස

සුබ දවස - සඳුදා

 

දේපල ගැටලුවක් විසෙඳ්

වෙනදාට වඩා කටයුතු කීපයක් අධික කරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. නිතර වෙහෙසකාරී ගමන් යෙදෙන කාලයකි. හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ කලබලකාරී බවක් ඇති කරයි. විදෙස් ගත ඥාතියෙකු පිළිබඳ විශේෂ ආරංචියක් අසන්න ලැබේ. දේපල ගැටලුවක් හේතුවෙන් වැඩිහිටියෙකු සමඟ සිත් අමනාපකමක් ඇති කර ගනී. රැකියාවේ කටයුතු හේතුවෙන් සහෝදරයකු සමඟ ආරවුල් කාරී

බවක් ඇති කර ගනී. සතිය මැද කාලයේදී දරුවෙකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. පැරණි හිතවත්කමක් අලුත් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සඳුදා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.