මේ සතියේ ඔබට

දෙසැම්බර් 04 දෙසැම්බර් 10 දක්වා
දෙසැම්බර් 4, 2020

හදිසි ගනුදෙනුවක්

වෙනදාට වඩා ගතට සිතට සතුට සැනසුම ලබාදෙන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. මංගල යෝගයකට හේතු ඇති කරන සතියක් වන අතර, පවුලේ අය අතර කැපී පෙනෙන චරිතයක්ද වෙයි. එමෙන්ම නිතර විනෝදයට බරව කටයුතු කරනු ඇත. අසරණ වූ හිතවතෙකුට පිහිට වීමට අවස්ථාව සැලසේ. සතිය මැද කාලයේදී හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන අතර, ලියකියවිලිවලට අත්සන් තැබීමේදී දුරදිග බලා කටයුතු කරන්න. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකිරීමද වැදගත් වේ.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

ව්‍යාපාරික කටයුත්තක්

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන අතර වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර වගකීමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. පවුලේ වැඩිහිටියෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවේ. මුදල් නාස්තියක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කටයුතුවලදී පරිස්සම් වන්න. ව්‍යාපාරික කටයුත්තකට උරුම හිමිකම් ඇති කරයි. ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි. මෙතෙක් පැවැති අඹුසැමි මතභේදයක් මඟහැරී යන කාලයකි. විවාහ ගිවිස ගැනීමක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරයි. සති අන්තයේදී තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුත්තක් සිදු කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - බදාදා

 

උත්සව අවස්ථාවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අය අතර පැවැති මතභේදකාරි බවක් මඟහැරී යයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

විශේෂ ගනුදෙනුවකට අතගැසීමට සිදුවෙයි. පවුලට යන එන කෙනෙකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් දුරපළාතකට යාමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන සතියකි. සතිය මැද කාලයේදී ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

දරු ලාභ හිමිකම්

වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන මේ සතියේ සඳුගේ ගමන 12,1,2,3 යන භාවස්ථානවල සිදුවනු ලබයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිවන සතියකි. දරුවෙකුගේ හැසිරීම් රටාවේ වෙනසක් පෙන්නුම් කරන කාලයක් වන අතර ඒ පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරි වීම යහපත් වේ. දරුලාභ හිමිකම් ඇති අයට සුබදායක කාලයකි. නැතිවූ දෙයක් නැවත ලබාගැනීමට හැකිවන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු සමඟ සිදුවන බහින් බස්වීමක් දුරදිග යයි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ගුප්ත කටයුතු වලින් පිහිට

විශේෂ සැලසුමකට අත ගසමින් කටයුතු ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. යටපත්වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩ ඇත. මෙතෙක් අමනාපයෙන් සිටි කෙනෙකුගේ හමුවීමක් සිදුකරයි. විදෙස්ගමනක් පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් බිඳ වැටේ. වරින් වර ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයකි. මෙතෙක් පැවැති ලාබ ලැබෙන මාර්ගයකට අවහිර බාධා මතුවන බවක් පෙනේ. නීති කටයුත්තකට පැටලීමෙන් සිතට පීඩාකාරි බවක් ඇති කරයි. දරුවෙකුගේ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

අඹුසැමි විශ්වාසය

බිඳවැටීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. මෙතෙක් පැවැති ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. අමතර ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට සිදුවේ. එමෙන්ම ආගමික කටයුත්තක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණූු සැලසෙන බවක් පෙනේ.

අඹුසැමි විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේදී අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ කටයුත්තක් ඇරඹීමට මඟ සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

යටිබඩේ

අමාරුවක්

සැනසිලිදායක ලෙස කටයුතු කීයක් ආරම්භ කරන මේ සතියේ සඳුගේ ගමන 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. එමෙන්ම තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි.

පවුලේ වැඩිහිටියකුගේ කටයුතු හේතුවෙන් වැඩ පිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. සතිය මැද කාලයේදී තමා හමුවට පැමිණෙන කෙනෙකු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වරින් වර හට ගන්නා යටි බඩේ අමාරුවක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ. දුරස් වු කෙනෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

තනතුරු මාරුවක්

නීති ගැටලුවකට මැදිවීමෙන් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි කාලයකි. සතිය මැද කාලයේදී දතක අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ.

පැරණි ගනුදෙනුවකින් වාසි සැලසෙන සතියකි. සති අන්තයේදී තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක්කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

නීති පිහිට

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු සිදුකරන බවක් පෙනේ. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි සැලසෙන සතියකි. එමෙන්ම වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. නොසිතූ අවුලකට නීති පිහිට පැතීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

පැරණි හිතවත්කම් අලුත්වන සතියකි. සති අන්තයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණුද පෙන්නුම් කරයි. වරින්වර හට ගන්නා ලේ විෂවීමේ රෝගයක් හේතුවෙන් පීඩා විඳින කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

පදිංචියෙන් පිට

වාසය

 

යොදාගත් සැලසුමක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ වැඩිහිටියෙකුගේ වගකීමක් තමා පිට පැවරෙන සතියකි. වරින් වර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. පවුලේ සතුට සමාදානයට බාධා වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. හදිස්සියේ හට ගන්නා දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. හදිසි ගනුදෙනුවලට සම්බන්ධ විමේදී කල්පනාකාරි වන්න. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි. සති අන්තයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී කල්පනාකාරිවන්න.

අය 06 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

වාහන

අලුත්වැඩියාවක්

වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසෙන කාලයකි. එමෙන්ම පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පනේ. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට මඟ සැලසෙන සතියකි. දරුවෙකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණූ කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ආගමික කටයුතුවලට ලැදිව කටයුතු කරන කාලයකි. සති අන්තයේදී වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

දේපල ආරවුලක් සමථයකට

අවිවේකී සතියක් වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7යනභාවස්ථානවල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිකරන සතියකි.

නිතර දනට පිනට ලැදිව කටයුතු කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන බවක් පෙනේ. වෙනදාට වඩා ඇසුරුකරන අයකු පිළිබඳ සැලකිලිමත්වන්න. මෙතෙක් නොවිසඳූ දේපළ ආරවුලක් සමථයකට පත්වන බවක් පෙනේ. සති අන්තයේදී අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට නොසිතූ අලාභයක් ගෙන දෙන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - රෝස

සුබ දවස - ඉරිදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.