මේ සතිය ඔබට

දෙසැම්බර් 18, 2020

 කොන්දේ වේදනාවක්

අන් අයගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයත් වැය කිරීමට සිදුවෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර ශාරිරික වෙහෙසීම් ගෙන දෙන කාලයක් වන අතර පදිංචියෙන් පිට වාසයටද කරුණු සැලසෙනු ඇත. සමාජසේවා කටයුතු සම්බන්ධ බහින්බස්වීමක් දුර දිග යයි. නැතිවූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙනේ. සතිය මැද කාලයේදී යටපත් වූ කොන්දෙ වේදනාවක් නැවත මතුවන ලකුණු පෙනේ. පවුලේ ළඟම ඥාතියකුට අපල සහගත කාලයකි. වරින් වර ගුප්ත කටයුතු වලින්ද පිහිට පතන බවක් පෙනේ.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

හදිසි වැටීම් තැළීම්

මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟහැරී යමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. වරින්වර පවුලේ අය අතර මතභේදයක් දුරදිග යයි. සෙම් රෝග බහුල කාලයකි. පවුලේ කටයුතුවලදී ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. නොසිතූ දෝෂාරෝපණයකට ලක්වීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. විවාහ ගිවිසුමකට මව්පිය ආශිර්වාදය හිමිකරයි. හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට ඉඩ ඇති බවක් පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

විදෙස් උපකාර

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් කටයුතු කීපයක් අතපසු වන සතියක් වන අතර සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ කෙනෙකුගේ දැඩි තීරණයක් හේතුවෙන් සිත් කලකිරීමකට ලක්වීමට ඉඩ ඇත. මේ කාලය තුළදී අනවශ්‍ය ගමන් වලින් වැළැකී සිටීම යහපත් කරයි.

පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. නිකරුණේ කරන වියදම් වැඩිවීමට ඉඩ ඇත. විදෙස් උපකාරයක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. සතිය මැද කාලයේදී නොසිතූ අලාභයකට මුහුණදීමට සිදුවෙයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 05

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

දරුලාභ හිමිකම්

පැරණි හිතවත්කමක් අලුත් කරමින් සතිය උදාවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් ගත සිත වෙහෙසා කටයුතු කරන බවක් පෙනේ. විදෙස් ගතවූ ඥාතියකුගේ පැමිණීමක් තුළින් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

දරුලාභ හිමිකම් ඇති අය දුරදිග බලා කටයුතු කළ යුතු කාලයකි. අලුත් දේපළක් මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවෙයි. සතිය මැද කාලයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මත ගැටුමක්

අවිවේකී ලෙස ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ මත ගැටුමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම දරුවෙකු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇත. නිතර ආගමික සහය පතන කාලයකි. අසල්වැසියන් සමඟ කටයුතු කිරීමේදී වචන පාවිච්චි කිරීමේදී සැලකිලිමත් වන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. සති අන්තයේදී නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇතිවීමට ඉඩ ඇත.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

වාහන ගනුදෙනුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. රැකියා ස්ථානයේ සම්බන්ධ ඇතිවූ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදර අතිකරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ කටයුතු කීපයක් කල් දැමීමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. වෙනදාට වඩා අතමිට සරු වුවත් වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක්ද යෙදේ. වාහන ගනුදෙනුවක් හෙතුවෙන් ඇතිව තිබූ ගැටලුවක් විසඳී යන ආකාරයක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

පවුලේ කෙනෙකුගේ දුරස්වීමක්

සැනසිලිදායක ලෙස කටයුතු කීපයක් සිදුවෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. දරුලාබ හිමිකම් ඇති අයට සුබදායක කාලයක් වන අතර. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක්ද අසන්න ලැබේ. විදෙස් ගත ඥාතියකු පිළිබඳ ගන්නා හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවෙයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයක් වන අතර දුර ගමනක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙලක් වෙනස්කිරීමට සිදුවේ සතිය මැද කාලයේදී පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් සිදුකරයි. යටපත්වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් වන අතර, පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගැනීමටද මඟ සැලසේ.

අය 08 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - ඉරිදා

 

දේපළ ගනුදෙනුවක් විසඳේ

හදිසි ආදායම් මාර්ග කීපයකට අවහිරතා ඇති කරමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. පවුලේ වැඩිහිටියකු සමඟ ඇතිවු මත ගැටුමක් දුරදිග යා හැකිය. කල්ගත වූ තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර ගැටලුවක් විසඳී යන ආකාරයේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී රැකියා ස්ථානයේ කටයුතු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති දේපළ ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු සැලසෙන අතර, විශේෂ තරග විභාගයකට සම්බන්ධ වීමට මඟ සැලසෙන බවක් පෙනේ.

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

හදිසි ආදායම්

වෙනදාට වඩා අවිවේකී සතියක වන අතර සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විවාහ ගිවිසුමකට මව්පිය ආශිර්වාදය හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර දරුවන්ගේ කටයුතු පිළිබඳ අවධානයෙන් සිටිය යුතු කාලයකි. සතිය මැද කාලයේදී වරින්වර ශාරීරික අප්‍රානික ගතිපැවතුම් ඇතිවිය හැකි බවක් පෙනේ.

ළඟින් ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරිවන්න. යටපත්වූ කකුලේ ආබාධයක් නැවත මතුවිය හැකියි. නිතර අලුත් දේ මිලදී ගැනීමට මඟ සැලසෙන කාලයකි. හදිසි ආදායම් මාර්ගයකට මඟ සැලසේ.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - ඉරිදා

 

දේපළ ආරවුලක්

 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයක් වන අතර මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අත මිට මුදල් ගැවසුනත් වැය පස අධික වන කාලයකි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අසල්වැසි සුහදතාවයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. කලබලකාරි ගතිපැවතුම් තමාට පාඩු සිදුකරයි. දේපළ ආරවුලකට මුල පිරෙන සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. විදෙස් ගත ලැබීමකට හිමිකම් ඇති කරයි. අලුත් රැකියා ලාබ හිමිකම් ඇති කාලයක් වන අතර තනතුරු ලාභද හිමි කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මූත්‍රා ආබාධයක්

මිශ්‍රඵලදායක ලෙස ආරම්භවන මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවේ. දරුවකුගේ කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. කලබලකාරි ගතිපැවැතුම් හේතුවෙන් වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ.

තැන තැන ඇවිදිලි වැඩිකරන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. එමෙන්ම හදිස්සියේ හට ගන්නා මූත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

වාහන ලාබයක්

අවිවේකී වුවත් වැඩකටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යාමට කටයුතු සැලසෙමින් ආරම්භවන මේ සතියේ සඳුගේ ගමන 11,12,1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් බැවින් අලුත් බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට මඟ සැලසේ. දුර ඥාතියෙකුගේ පැමිණීමක් හේතුවෙන් වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. මව්පස ඥාතියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. වාහන ලාබයකට හිමිකම් ඇති සතියකි. සමාජ සේවා කටයුතු කෙරෙහි දවසින් වැඩි කාලයක් යොදවයි. සති අන්තයේදී පවුලේ අය සමඟ දුරගමනකට කටයුතු සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.